මහබැංකුව විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරයි

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලා ඒමට පහසුකම් සැලසීම සහ එය විධිමත් කිරිම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‘විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව‘ නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර ඇතැයි පවසයි.

1949 අංක 58 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ මහ බැංකුව විසින් මෙම දෙපාර්තමේන්තුව ස්ථාපිත කර තිබේ. 2021 නොවැම්බර් 03 වැනිදින සිට මෙම නව දෙපාර්තමේන්තුව බලපැවැත්වෙන බවත් මහ බැංකුව සඳහන් කරයි.

“ආසන්න වශයෙන් 100%ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම්හි ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටෙහි විදේශීය අංශයෙහි ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණි කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.” යනුවෙන් මහබැංකුව පවසයි.

එහිදී පසුගිය දශක දෙක තුළදී වාර්ෂික වෙළෙඳ ගිණුමෙහි හිඟයෙන් 80%ක් පමණ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලින් ආවරණය වී ඇති අතර, රට තුළට විදේශීය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් වීම මගින් විධිමත් බැංකු පද්ධතිය තුළට විදේශීය විනිමය ගලා ඒම් සුමටවීම සහ ආදායම් හා ප්‍රාදේශීය විෂමතාවන් අවම වීම යනාදී සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ජනිත වන බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

දුරකතන අංක 0112477101 සහ 0112477000 හරහා සහ ෆැක්ස් 0112477710 ඔස්සේ මෙන්ම frfd@cbsl.lk හරහාත් මෙම විදේශීය ප්‍රවර්ධන පහසු කිරීමේ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකිය.

Visits: 71