Viber විසින් Group Chat පණිවිඩ නැති වී යන විශේෂාංගය හඳුන්වා දෙයි

මෑතකදී ලොව පුරා Google Play බාගත කිරීම් බිලියනයක් ඉක්මවා යමින් පණිවිඩ යැවීමේ සහා හඬ පට (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber සිය Viber යෙදුම තුළින් Group Chat හි කතා බහ පණිවිඩ නැතිවීයාමේ විකල්ප අවස්ථාවන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත කරන බවට නිවේදනය කරයි. මෙම විශේෂාංග පහසුකම මීට පෙර තිබුනේ එකක් මත එකක් වූ කතා බහ සඳහා පමණි.

කණ්ඩායම් කතාබහක දී නැතිවීයන පණිවිඩ සැකසීමේදී, කණ්ඩායමේ පණිවිඩ තත්ත්වය වෙනස් කිරීම සඳහා පරිශීලකයින්ට බහු විධ ක්‍රියාවලියක් හරහා ඊට අවතීර්ණ වීමට අවශ්‍ය නැත. Viber හි මෙම විශේෂාංගය සමඟින්, සාමාජිකයින්ට කතාබහ තුළදීම විශේෂාංගය ක්‍රියාත්මක කිරීමට සහ අක්‍රිය කිරීමට පහසුවෙන් හැකියාව ලැබෙනු ඇත.

පුළුල් වූ ක්‍රියාකාරීත්වයත් සමඟ, වෙනත් යෙදුම් වල නැතිවීයන පණිවිඩ විශේෂාංග වලට වඩා වැඩි විකල්ප අවස්ථාවන් ලබා දෙමින් කියවීමෙන් පසු තත්පර 10 කින්, විනාඩියකින්, පැයකින් හෝ එක් දිනයකින් පණිවිඩ නැති වී යන පරිදි කණ්ඩායම් කතා බහ තුළ පණිවිඩ සැකසීමට Viber පරිශීලකයන්ට හැකිවේ.

Android 6 හෝ නව උපාංග වල, පණිවිඩ නැතිවීයන විකල්ප අවස්ථාව සක්‍රිය වූ විට පණිවිඩයක් යැවීම, පිටපත් කිරීම හෝ තිරයේ පිටපත් රූපයක් ලබා ගැනීම Viber විසින් සම්පූර්ණයෙන්ම අක්‍රීය කරයි. Android හි පෙර සංස්කරණ සහ සියලුම iOS භාවිතා කරන්නන් අතර කිසියම් කණ්ඩායම් සාමාජිකයෙකු විසින් නැතිවීමට නියමිත පණිවිඩයක තිරයේ පිටපත් රූපයක් ලබා ගතහොත්, කණ්ඩායම් සාමාජිකයින්ට ස්වයංක්‍රීයව එය දැනුම් දෙනු ඇත. ඡායාරූප සහ ස්ටිකර් ඇතුළු ඕනෑම ආකාරයක පණිවිඩයකට මෙම විශේෂාංගය යෙදිය හැකිය.

උදාහරණයක් වශයෙන්, නිවසේ පැවැත්වෙන සාදයකට යම් පිරිසකට ආරාධනා කර ඇත්නම්, ඔවුන් හට නිවසේ ගේට්ටුවෙන් ඇතුල්වීම සඳහා වන රහස් අංකය පණිවිඩයක් ලෙස කියවා විනාඩියකට පසු නැතිවීයන පරිදි පරිශීලකයින්ගේ කණ්ඩායම් කතා බහ වෙත යැවිය හැකිය.

Viber හි පුද්ගලික සහ කණ්ඩායම් කතා අන්තයේ සිට අවසානය දක්වා සංකේතනය කර ඇත. එම නිසා පරිශීලකයන්ගේ සන්නිවේදනයන් සැම විටම පුද්ගලික හා ආරක්‍ෂිත බවට සහතික විය හැකිය. පණිවිඩ නැතිවීයන මෙම විශේෂාංගය පරිශීලකයින්ට පුද්ගලයින් හෝ කණ්ඩායම් සමඟ ඔවුන්ගේ සංවාද වල පුද්ගලිකත්වය පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි ආරක්ෂිත පණිවිඩකරණ යෙදුමක් ලබා දීමට හැකිවීම ඔවුන් වෙනුවෙන් Viber හි කැපවීම පෙන්නුම් කෙරෙන තවත් එක් උදාහරණයක් වේ.

Rakuten Viber හි උප සභාපති නදව් මෙල්නික් පවසන්නේ Viber භාවිතා කරනු ලබන පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පෞද්ගලික පණිවිඩ යැවීමේදී ඒ පිළිබඳව අවසන් පාලනයක් ලබා දීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවය.

”පුද්ගලිකත්වය පිළිබඳව අප බොහෝ කාලයක සිට මහත් සැලකිල්ලක් දක්වනු ලබන කරුණක් වන අතර, අන්තයේ සිට අවසානය දක්වා සංකේතනය කිරීම සඳහා අපි නොසැලෙමින් ක්‍රියාත්මක වූ බවට සාක්ෂි දරනවා. මෙම යාවත්කාලීන කිරීමත් සමඟම, පුද්ගලිකත්වය සඳහා වූ අපගේ කැපවීම අපගේ පරිශීලකයින්ට සහ ඔවුන් වැඩිපුරම කතා කරන පුද්ගලයින් වෙනුවෙන් වඩාත් පුද්ගලික වේ. ” ඔහු පවසයි.

Visits: 71