ශ්‍රී ලංකාවේ තිරසාර රෙදිපිළි නිෂ්පාදනයේ පරිවර්තනය – එරාවූර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානය

2020 ජුනි මාසයේදී ප‍්‍රථම නිවේදනය නිකුත් කළ දින සිටම, එරාවූර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානය (Eravur Fabric Park) මගින් ශ‍්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නව යුගයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඇති හැකියාව පිළිබඳ බලාපොරොත්තු ඉහළ ගොස් ඇතැයි අදාළ පාර්ශ්වය පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය (BOI) මඟින් ලබාදෙන්නා වූ අනුග‍්‍රාකත්වය මෙන්ම ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සමඟ සහයෝගීව කටයුතු කිරීමෙන් ද එරාවූර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානයෙහි දැක්ම තව තවත් සවිබල ගැන්වෙනු ඇත.

එරාවූර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානය සඳහා වෙන් කරන ලද අක්කර 300 ක භූමි ප‍්‍රමාණයෙන් අක්කර 50 ක භූමියක නවතම රෙදිපිළිි කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් පමණ වූ මංගල ආයෝජනය සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ඉතිරි මුදල් සඳහා මහා පරිමාණ ආයෝජන යෙදීමට ජාත්‍යන්තර සමාගම් දෙකක් සමඟ සාකච්ඡුා කෙරෙමින් පවතී.

මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක සමුච්චිත ආයෝජනයක් ලැබෙනු ඇතැයි ගණන් බලා ඇත. කලාපය හි රෙදි සායම් කිරීම, සේදීම, ගෙතීම, රෙදි විවීම සහ වෙනත් ආශ‍්‍රිත හා සහායක කටයුතු සඳහා තවදුරටත් ආයෝජන අපේක්ෂා කරයි.

උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ කලාපය වර්ගීකරණය සඳහා කැබිනට් අනුමැතියද ලබා ගත් අතර එමඟින් බදු සහ අනෙකුත් සහන මෙන්ම ආයෝජකයින් සඳහා වූ දිරි දීමනා ද දීර්ඝ කිරීමට හැකි විය.

ඉක්මන් ප‍්‍රගතියක් අත්කර ගැනීම උදෙසා ඒකාබද්ධ කිරීමේ වැදගත්කම

‘‘පළමු සමාගම ඉදිරි මාස 6 සිට වසරක් දක්වා කාලය තුළ වාණිජ කටයුතු ආරම්භ කරනු දැකීමට අපි කැමතියි.” යනුවෙන් ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.

‘’මීට ජනනය කළ හැකි ජාතික වශයෙන් සැලකිය යුතු වටිනාකම පිළිබඳ පැහැදිලි එකඟතාවක් ඇති හෙයින් අපි අදාල කාලරාමුවේදී ඉතාමත් කඩිනමින් මෙහි කටයුතු කරගෙන යනවා. මේ වන විට ඉඩම් සියල්ල වෙන් කර ඇති අතර ජල හා විදුලි සැපයුම අවසන් වෙමින් පවතිනවා. වාණිජ ඉඩම්වලින් අඩකටත් වඩා වැඩි ප‍්‍රමාණයක් වෙන් කර හෝ වෙන්කරමින් පවතිනවා. ඒ වෙනුවෙන් විශාල ඉල්ලූමක් ඇති බව අපට පේනවා. මෙහි ඇති විශේෂ හැකියාව පිළිබඳව දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් පැහැදිලි පිළිගැනීමක් තියනවා. අවශ්‍ය නම් කලාපය තවදුරටත් පුළුල් කිරීමට අපට හැකියි.” ඔහු තවදුරටත් පවසා සිටියි.

සදාචාරාත්මක, තිරසාර නිෂ්පාදනය සහ ඉහළ මට්ටමේ තාක්ෂණ හා තාක්ෂණ පළපුරුද්ද සඳහා ගෝලීය ප‍්‍රමිතීන් අනුව ස්ථාවර ලෙස සලකුණු කර ඇති ශ‍්‍රී ලංකාවේ ඉතා දියුණු ඇඟලූම් නිෂ්පාදන අංශයට සහයෝගය දක්වමින් එරාවූර් හි ප‍්‍රවර්ධකයෝ මෙම ව්‍යාපෘතිය දකින්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇඟලූම් තිරසාරභාාවය පිළිබඳ ගෝලීය නායකත්වය වෙත ගෙන යා හැකි අනඟි අවස්ථාවක් ලෙස අර්ථකතනය කරයි.

එරාවූර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානයෙහි පිහිටුවීමෙන් වඩාත් ඉක්මනින් ලබාගත හැකි වාසිය වනුයේ ධාරිතාවය පුළුල් කිරීම සහ ගෘහස්ත සැපයුම් දාමයන් ඒකාබද්ධ කිරීම තුළින් ලාභ වාසි සහ පරිමාණ ආර්ථිකයන් වැඩි දියුණු කිරීම බව මොහොට්ටාල තවදුරටත් පැහැදිලි කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා ඇඟලූම් නිෂ්පාදන කර්මාන්තශාලා 300 ක් පමණ තිබේ. ඊට අමතරව, අපනයනය සඳහා රෙදි නිපදවීමට සහ අපනයනය සඳහා වූ රෙදිපිළි හා අමුද්‍රව්‍ය කර්මාන්තශාලා 7 ක් පමණක් තිබේ. එහි උච්චතම අවස්ථාව වන විට, අපනයන කේන්ද්‍ර කරගත් ඇඟලූම් නිෂ්පාදනය සඳහා මෙන්ම 2019 දී දේශීය පරිභෝජනය සඳහා ද ඩොලර් මිලියන 250,000 කට අධික රෙදි ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාව ආනයනය කළ අතර ඒ සඳහා ඩොලර් බිලියන 2.2 ක් වැය විය.

තිරසාරභාවය සඳහා වූ පුරෝගාමී ජාතික ගමනක කූටප‍්‍රාප්තිය

එරාවුර් හි ආයෝජනය සඳහා වූ ආයෝජන ශක්තිමත් වී ඇත්තේ සමස්ත ආසියානු කලාපයේම වඩාත්ම තිරසාර ව්‍යාපාරය වීමට ඇති හැකියාව නිසා වන අතර ශක්තිමත් පුනර්ජනනීය බලශක්ති පහසුකම්, ජල ප‍්‍රතිචක‍්‍රීකරණ පහසුකම්, විද්‍යාව පදනම් කරගත් ඉලක්ක මෙන්ම ව්‍යාපෘති ආකෘති ස්ථාපිත කිරීමට දේශීය පාර්ශවකරුවන් දැනටමත් කැපවී සිටියි.

මේ දක්වා පාරිසරික තිරසාරභාවය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තයේ කැපී පෙනෙන ජයග‍්‍රහණවලින් උපකල්පනයක් ලබා ගනිමින් කලාපය සැලසුම් කර ඇත්තේ එහි සෑම අංශයකම තිරසාරභාවය පහසු කිරීම සහ දිරිමත් කිරීම සඳහා ය. රෙදි සැකසීම සම්බන්ධයෙන් ගත් විට ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ අපජල පවිත‍්‍රකරණය කෙරෙහි ය.

ආරම්භයේ සිට අවසානය දක්වා අවස්ථාවන් සමුදායක්

එරාවුර්හි ඇති තවත් සැලකිය යුතු වාසියක් නම් එය ඉතාමත් දියුණු පරිසර හිතකාමී තාක්ෂණයකින් ගොඩනඟා තිබීමයි. මෙය බලශක්ති හා ජල පරිභෝජනයේ කාරයක්ෂමතාවය මෙන්ම නිෂ්පාදනයේදී භාවිතා කරන ජලය ප‍්‍රතිචක‍්‍රීකරණය හා ප‍්‍රතිසාධනය සඳහා වන යටිතල පහසුකම් වැඩි දියුණු කරන අතර ආයෝජකයින්ට අතිරේක දිරි දීමනා ලබා දීම මෙහි අරමුණයි.

සැලකිය යුතු කරුණක් නම්, එරාවුර්හි ඉහළ මට්ටමේ සූර්යාලෝකයක් සහ ස්ථාවර අධික සුළං සහිත වාතාවරණයක් පවතින අතර එමඟින් එම ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇති  ඕනෑම නිෂ්පාදන පහසුකමක් සූර්‍ය හා සුළං පෙති බල උත්පාදනය සඳහා වඩාත් සුදුසු වේ.

අපජල පවිත‍්‍රකරණ ක‍්‍රමවේදවලට අමතරව, රොන් මඩ බැහැර කිරීමේ කටයුතු සඳහා තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර, අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ පහසුකමක් ද කලාපයට ඇතුළත් වේ. රොන් මඩ බිඳ දැමීම සඳහා මයික්‍රෝ ඇල්ගී භාවිතා කිරීම සහ ඉන්ධන උදුන සඳහා රොන් මඩ භාවිතා කිරීම සහ ජෛව පැදුරු ආවරණයක් සහිත ගඩොල් ද ඇතුළත් වේ.

එරාවුර් රෙදි සැකසුම් කලාපයේ ඉතාමත් වැදගත් දායකත්වය නම් මඩකලපුවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ ජීවිත කෙරෙහි එය ඇති කරන සවිබල ගැන්වීමයි. දැනට දිස්ත‍්‍රික්කයේ ඇස්තමේන්තුගත ජනගහනය 621,887 ක් වන අතර එයින් 60,912 ක් දරිද්‍රතාවයෙන් පෙළෙයි. 2019 වන විට එනම් වසංගතයට පෙර කලාපයේ විරැකියාව 6.4% කි.

”කලාපයේ දියුණුවත් සමඟ ස්ථාවර, හොඳ වැටුපක් ලබන සෘජු හා වක‍්‍ර රැකියා දහස් ගණනක් අපට ඇති කිරීමට හැකි වෙනවා. මෑත ඉතිහාසයේ නැගෙනහිර පළාතේ පරිවර්තනීය වෙනසක් මේ හරහා සිදු වන බව ස්ථිරයි.” යනුවෙන් මොහොට්ටාල මහතා අවසන් වශයෙන් පවසා සිටියි.

Visits: 200