කොමර්ෂල් බැංකුවේ ‘Flash’ ඩිජිටල් බැංකුකරණ ඇප් සේවාව Doconomy සමග ඒකාබද්ධ වෙයි

කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කරන බැංකුව විසින් සංවර්ධනය කළ Flash ඩිජිටල් බැංකුකරණ ඇප් පහසුකමේ තිබෙන පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය ගණනය කිරීමේ කැල්කියුලේටරයේ ඵලදායීතාවය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික විසඳුම් සම්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන ස්වීඩනයේ Doconomy සමාගම සමග බැංකුව ඒකාබද්ධ වී තිබේ.

ලෝකයේ පළමු ඊ-පරිසර බලපෑම් වාර්තාව මුලින්ම සංවර්ධනය කළ ෆින්ලන්තයේ Åland බැංකුවේ Åland දර්ශකය දැන් Doconomy සමාගමට අයත් වේ. Åland දර්ශකයේ පළමුවන සංස්කරණය මගින් Flash ඩිජිටල් ඇප් පහසුකමේ තිබෙන ‘Save the Environment’ අංගයට සවිබලය ලබාදෙන අතර බැංකුව සඳහන් කරන්නේ මෙම දර්ශකයේ නව අයිතිකරුවන් සමග ඇතිකර ගත් ඒකාබද්ධතාවය මගින් Flash ඩිජිටල් ඇප් පහසුකම සංවර්ධනය කරගනිමින් එහි විෂය පඨය පුළුල් කරගැනීමට අවස්ථාව ලැබී තිබෙන බවයි.

මේ අකාරයෙන් Doconomy සමාගම සමග එක්වී මෙම දර්ශකයට ප‍්‍රවේශවීම මගින් සිය ගනුදෙනුකරුවන් විසින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩුකිරීමට කටයුතු කරන ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු කිහිපයක් අතර කොමර්ෂල් බැංකුව සිටී. මීට අමතරව, යාවත්කාලීන කළ දර්ශකය සමග ඒකාබද්ධවීම තුළින් Flash ඇප් පහසුකම භාවිතා කරන්නන් ගනුදෙනු කරන භාණ්ඩ හා සේවා පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය ගණනය කිරීමට අමතරව සමස්ත අගය දාමය විසින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය ගණනය කළ හැකිවේ.

Doconomy සමග කොමර්ෂල් බැංකුව ඇති කරගත් මෙම ඒකාබද්ධතාවය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශ‍්‍රී ලංකාවේ පළමු කාබන් උදාසීන බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ආයතන විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය පිළිබඳව මෙන්ම පුද්ගලයින් විසින් සිය අවශ්‍යතා සපුරාගැනීමේදී පරිසරයට සිදුකරන බලපෑම පිළිබඳවත් දැනුවත් කිරීමේ නායකත්වය භාරගෙන තිබෙනවා. Flash ඇප් පහසුකමේ තිබෙන ‘Save the Environment’ අංගය මගින් ඔවුන් විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඩුකරමින් හරිතවත් අනාගතයක් උදාකර ගැනීමේ දැක්ම සමග එක්වන ලෙස අපි ආරාධනා කරනවා.’ 

2021 වසරේ ආසියානු බැංකුකරණ සහ මූල්‍ය (ABF) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ ‘වසරේ ඩිජිටල් බැංකුකරණ වැඩසටහන’ යන සම්මානය Flash විසින් දිනාගත් අතර එය පුළුල් ඩිජිටල් බැංකුකරණ ඇප් සේවාවකි. මෙමගින් දිනපතා ජීවත්වීමට සහ බිල්පත් ගෙවීමට, අයවැයකරණයට, ඉතිරි කිරීමට, මූල්‍යනයට, ඊ-වාණිජ්‍යය කටයුතු වලට, පරිසරය පිළිබඳව දැනුවත් කිරීමට සහ ආයෝජනයට අවශ්‍ය මූල්‍ය සේවා ලබාදෙයි. 

Visits: 74