ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී වෙතින් රුපියල් 3.10ක පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම (LWL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.10ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය වී ඇත.

මෙය 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව ලංකා වෝල්ටයිල් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන දෙසැම්බර් 01 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 10 වැනිදා නම් කර තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැති බවත් සමාගම සඳහන් කරයි.

මේ අතර පසුගිය සිකුරාදා දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 89.50ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී පැවැති රුපියල් 87.10ක වටිනාකමට සාපේක්ෂව රුපියල් 2.40ක එනම් 2.76%ක ඉහළ යාමකි.

Visits: 342