ලංකා ටයිල්ස් වෙතින් රුපියල් 3.00ක පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම (TILE.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ දිනයේදී පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.00 බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක් බව ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන දෙසැම්බර් 01 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 10 වැනිදා නම් කර තිබේ.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ලංකා ටයිල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 88.20ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 86.70ට සාපේක්ෂව රුපියල් 1.50ක එනම් 1.73%ක ඉහළ යාමකි.

Visits: 205