“ණය හා ලීසිං සම්බන්ධ නෛතික පසුබිම” – වැඩසටහන අද (30දා) පස්වරු 6.30ට නොමිලේ

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය මීළග මට්ටම දක්වා ඉහළ නැංවීමේ අරමුණින් මෙරට ව්‍යාවසායකයන්, වෘත්තියවේදීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සැදුම්ලත් Ceylon Entrepreneurs’ Club මගින් සංවිධානය කරන මීළග අන්තර්ජාල වැඩසටහන අද පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතව තිබේ.

“ණය හා ලීසිං සම්බන්ධ නෛතික පසුබිම”  මැයෙන් අන්තර්ජාල Zoom ඔස්සේ පැවැත්වෙන මෙම විශේෂ වැඩසටහන වෙත අද පස්වරු 6.30 සිට 8.30 දක්වා පාවැත්වෙයි. මේ සඳහා නොමිලේ සම්බන්ධ විය හැකිය.

ණය, ලීසිං/කුලී සින්නක්කර පහසුකම් ලබාගෙන ඇති හා ලබා ගැනීමට අපේක්ෂිත ව්‍යවසායකයන්, ණය, ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිව ගැටලු වලට මුහුණ දී සිටින ව්‍යවසායකයන් හා මේ පිළිබඳව උනන්දුවක් දක්වන හා මෙම ක්ෂේත්‍රයේ නිරත වෘත්තීයවේදීන් සඳහා මෙම වැඩසටහන පැවැත්වෙන බව සංවිධායකයන් පවසයි.

වැඩසටහනේ සම්පත්දායකත්වය නීතීඥ දිනේෂ් චාමිකර පෙරේරා මහතා (LL.B(Hon) Attorney-at-Law, Notary Public, Company Secretary & Commissioner for Oaths) විසින් සිදු කරනු ලබයි.

මෙහිදී ණය ගිවිසුම්, ලීසිං/කුලී සින්නක්කර ගිවිසුම්, ණය ගෙවීම් පැහැර හැරීම, දේපල අත්පත්කර ගැනීම්, දේපල පවරාදීම් සම්බන්ධ නෛතික පසුබිම යනාදිය සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එසේම මේ සම්බන්ධව ව්‍යවසායක ඔබට පවතින ප්‍රශ්න ඉදිරිපත් කර ඒවාටද පිළිතුරු ලබාගත හැකි බව සංවිධායකයන් පවසයි.

වැඩසටහන වෙත YouTube Live මගින් සම්බන්ධ වීමට https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg යන සබැඳිය වෙත පිවිසිය යුතුය.

එසේම Zoom මගින් සම්බන්ධ වීමට https://us02web.zoom.us/j/82179618809… සහ Meeting ID: 821 7961 8809 / Passcode: 320971 භාවිත කළ යුතුය.

එසේම ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන ලෙසද සංවිධායකයන් ඉල්ලා සිටියි.

Visits: 80