ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය ILO සහ IFC හි “Better Work” වැඩසටහන හා එක්වෙයි

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAFF) මෑතකදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සමඟ සාකච්ඡා කර, ‘’Better Work’’ වැඩසටහන (BW) තුළින් සිය පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීමට කැපවී සිටින බව පවසයි.

ශ්‍රී ලංකාවේ පශ්චාත් COVID-19 සමය තුළ ඇඟළුම් කර්මාන්තය යහපත් ලෙස ගොඩනැගීම සඳහා සහයෝගය දැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි.

ශ‍්‍රී ලංකා ඇඟළුම් ක්ෂේත‍්‍රය නියෝජනය කරන JAAF සහ එහි සාමාජිකයින්ගේ අරමුණ වන්නේ වෘත්තීයමය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යය, ස්ත‍්‍රී පුරුෂ භාවය, විවිධත්වය සහ අන්තර්ගතය යන අංශ පිළිබඳ මාර්ගෝපදේශන හා නීති සම්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ‘’Better Work’’ වැඩසටහන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම යි. ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) උසස් තත්වයට ගෙන ඒම උදෙසා ද මෙම වැඩසටහන සහාය වනු ඇත.

”ILO සහ IFC සමඟ ‘’Better Work’’ වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳ අප පැවැත්වූ සාකච්ඡුාව තුළින් මිනිසුන් කේන්ද්‍රගත කරන සදාචාරාත්මක, වගකිව යුතු සහ තිරසාර සැපයුම් දාමයක් කළමනාකරණය කිරීම සඳහා වූ අපගේ දැඩි කැපවීම පෙන්නුම් කරනවා.” යනුවෙන් JAAF හි මහ ලේකම් ටියුලි කුරේ මහතා පැවසුවේය. ‘’සමස්තයක් වශයෙන් පාර්ශවකරුවන්ව ඉහළ මට්ටමකට ගෙන ඒමෙදී සහ සංවර්ධනය සහතික කිරීමේදී BW වැඩසටහන සැමවිටම ඉදිරියෙන්ම සිටිනවා. ඒ වගේම මේ හරහා යහපත් සේවා පරිසරයක් ඇති කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම, ව්‍යාපාර තරඟකාරී බව සහ ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීම සහතික කිරීම සඳහා වූ අපගේ උත්සාහයන් ඉහළින්ම ඔසවා තබනවා.”

”ඇඟළුම් ක්ෂේත‍්‍රයට දේශීය කොටස්කරුවන් අතර පමණක් නොව ගෝලීය හවුල්කරුවන් සමඟ හවුල් වීමට සහ සහයෝගීව කටයුතු කිරීමට ද ‘’Better Work’’ වැඩසටහන ඉතාමත් හොඳ අවස්ථාවක්. ඇඟළුම් කර්මාන්තයේ සේවා කොන්දේසි අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා එකට වැඩ කිරීමට ඇති අපගේ හැකියාව පෙන්නුම් කරන වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.” යනුවෙන් කුරේ මහතා අවසන් වශයෙන් ප‍්‍රකාශ කරයි.

Visits: 67