අපනයන අවස්ථාවන් ගැන දැනුවත් කිරීමට කොමර්ෂල් බැංකුව webinar වැඩසටහනක් පවත්වයි

ශ‍්‍රී ලාංකේය අපනයනකරුවන්ට සහ අපනයනය කිරීමට කැමැත්තක් දක්වන ව්‍යාපාරිකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබෙන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා නොමිලේ  webinar වැඩසටහනක් පවත්වන ලද බව පවසයි.

විදේශීය වෙළෙඳපොළට පිවිසීමට කැමැත්තෙන් සිටින දේශීය ව්‍යාපාර, ව්‍යාපාරිකයින් සහ වෙළෙඳපොළ ජයගත හැකි පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහන Zoom තාක්ෂණය ඔස්සේ සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍යය තුළින් සිදු කරන ලදි. මෙයට 500කට අධික පිරිසක් සහභාගි විය.

මෙම වැඩසටහනේදී ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට සපුරාලිය යුතු අවශ්‍යතා සහ ක‍්‍රියාමාර්ග, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇති වෙමින් තිබෙන නව ප‍්‍රවණතා, මෙම අංශය වෙනුවෙන් රජය සිදුකරමින් තිබෙන වැඩසටහන්, අපනයනය පිළිබඳ තොරතුරු සහ අපනයනකරුවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ලබාදී තිබෙන පහසුකම් පිළිබඳව දැනුවත් කළේය. මෙහිදී, සහභාගී වූවන්ගේ අන්තර් ක‍්‍රියාකාරීත්වය චැට්බොක්ස් මගින් ප‍්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදීම මගින් දිරිමත් කරන ලදී.  

මෙම වැඩසටහන කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන කළමනාකරු – අපනයන, ලෝරියන් සෝමානාදර් මහතා විසින් මෙහෙයවීය. මෙම වැඩසටහනට සහභාගී වූ විද්වත් මණ්ඩලයට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සුරේෂ් දයනාත් ද මෙල් මහතා, ව්‍යාපාරික සංවර්ධන උපදේශක, අතුල එදිරිසිංහ මහතා, කොමර්ෂල් බැංකුවේ ආයතනික බැංකුකරණ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී, බී. ඒ. එච්. එස්. ප‍්‍රීනා මහතා සහ කොමර්ෂල් බැංකුවේ භාණ්ඩාගාර අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී, අසේල විජේවර්ධන මහතා අයත් විය. කොමර්ෂල් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සහ ගනුදෙනුකරුවන් නොවන පිරිසද දැනුවත් කිරීම සඳහා ‘බි‍්‍රතාන්‍යයට තිබෙන අපනයන අවස්ථාවන්’ සහ ‘ඩිජිටල්කරණය සහ ව්‍යාපාරකරණයේදී ඩිජිටල් උපකරණ භාවිතා කිරීම’ පිළිබඳව මෙවැනිම ඇඉසබ්ර වැඩසටහන් දෙකක් බැංකුව විිසින් පවත්වා තිබේ.

Visits: 73