SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G තාක්ෂණික විචාරකයින්ගේ අවධානයට

Galaxy Z smartphones මාලවේ නවතම මාදිලි හදුන්වාදීමත් සමඟම, සැම්සුන් ශ‍්‍රී ලංකා ස්මාර්ට් ජංගම දුරකතන නවෝත්පාදනයන් හි නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති අතර එමගින් නව ක‍්‍රම ඔස්සේ අන්තර්ගතයන් නැරඹීමට, වීඩියෝ ක‍්‍රීඩා, දෛනික වැඩ කටයුතු කිරීමට, ඡුායාරූප ගැනීමට සහ එකිනෙකා සමඟ සම්බන්ධ වීමට පරිශීලිකයන්ව දිරිමත් කරන බව පවසයි.

මෑතකදී එළිදැක්වූ මෙම අතිනවීන Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones වල අසමසම හැඩය, බහුකාර්ය හැකියාවන් සහ කල්පැවැත්ම ගැන අවධානය යොමු කරමින් ලොව පුරා විචාරකයින් ඔවුන්ගේ අදහස් ප‍්‍රකාශ කර ඇත. 

Online වේදිකා අතර සිටින දැවැන්ත තාක්ෂණික සමාගමක් වන Protocol සඳහන් කළේ “The Future is Foldable” යනුවෙනි. මේ අතර Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G දැනට වෙළඳපොලේ ඇති ඉතාමත් ආකර්ෂණීයම smartphones දෙකක් බව XDA ප‍්‍රකාශ කර සිටී.

මේ අතර, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට තාක්ෂණික විචාරකයෙක් වන ඇන්ඩ්‍රෝ ඩොලර් ප‍්‍රකාශ කළේ, ”මෙම Foldable smartphones සඳහා යොදා ගෙන ඇති නවීන තාක්ෂණය අසමසමයි. පුළුල් තිරය සහ වඩාත් හොඳ සම්බන්ධතාවයකින් යුතු නිසා Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G සියලූ පාරිභෝගිකයින්ට අසමසම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙනවා.” යනුවෙනි.

සැම්සුන් Foldable තාක්ෂණය උසස්ම මට්ටමකට ගෙන යන බව Android Central විසින් පෙන්වා දුන් අතර මෙම smartphones වල ඇති ‘Multitasking heaven’ යන කරුණ කෙරෙහි ෆෝබ්ස් සඟරාව සිය අවධානය යොමු කර ඇතx

මෙහි ඇති S Pen මගින් කාර්යයන් රැසක් ඵලදායීව කිරීමට පහසුව සලසන අතර එමගින් මෙම ස්මාර්ට් දුරකතනයේ අද්විතීය බව තවත් වැඩි කරන බව බොහෝ තාක්ෂණික විචාරකයින්ගේ අදහසයි. ඇතැමුන් පෙන්වා දුන්නේ Foldable devices වල ඇති විශාල හා ආකර්ෂණීය තිරය ඇස් ඉවත් කර ගත නොහැකි තරම් ආකර්ෂණීය බවයි. විචාරකයින්ගේ සිත් ගත් තවත් විශේෂාංගයක් වන්නේ මෙහි ඇති Aluminum armor එක වේ. මෙමගින් මෙම දුරකතනයේ ප‍්‍රබලතාව හා කල්පැවැත්ම වැඩි කරයි.

”ගෝලීය වශයෙන් අපගේ පාරිභෝගිකයින්ගෙන් ලැබී ඇති ඉහළ ප‍්‍රතිචාරය ගැන අප ඉතාමත් සතුටු වෙනවා. Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G වත්මන් පරම්පරාව තුළ නිසැකවම වෙනසක් ඇති කර තිබෙන අතර මෙම smartphones නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වන නිසා පාරිභෝගිකයින්ට අබණ්ඩ හා උසස් අත්දැකීමක් විඳ ගැනීමට ඉඩ සලසනවා.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

මෙම Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G නවතම smartphones ජලයට ඔරොත්තු දෙන IPX8 තාක්ෂණයෙන් සන්නද්ධ වන අතර Galaxy smartphones සඳහා භාවිතා කරන ශක්තිමත්ම ඇලූමිනියම් වර්ගය වන නව Armor Aluminum වලින් මෙය නිපදවා ඇත.

එමෙන්ම එහි තිරය Corning® Gorilla® Glass Victus™ වීදුරුවකින් නිමවා තිබීම හේතුවෙන් දුරකතනයට සිදුවන සීරීම් හා හදිසියේ සිදුවන බිම වැටීම්වලින් එය ආරක්ෂා කරයි. මෙම smartphone ද්විත්වයම පැමිණෙන්නේ ඇදීමට ලක් කළ හැකි PET5 වලින් සෑදු නව protective film එකකින් සහ මනාව විධිමත් කරන ලද ආරක්ෂිත පැනලයක් සමඟයි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රධාන තිරය මීට පෙර පැවති devices වලට වඩා 80%ක් වැඩි කල් පවතී.  Galaxy Z Fold3 සහ Galaxy Z Flip3 නැමුම් වාර 200,000 සදහා ඔරොත්තු දෙන බවට Bureau Veritas විසින් තහවුරු කර ඇත. අභ්‍යන්තර වශයෙන් සහ බාහිරින් හොඳම අත්දැකීමක් ලබා ගැනීම සඳහා නවතම 5nm ප්‍රොසෙසරයකින් සහ 5G band තාක්ෂණයෙන් ඒවා සමන්විත වෙයි.

Visits: 65