ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී රු. ශත 80 බැගින් පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 80ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන නොවැම්බර් 30 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 09 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී පවසයි.

ඊයේ දිනයේ ‍කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී කොටසක වටිනාකම 31.90ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 31.40ට සාපේක්ෂව ශත 50ක එනම් 1.59%ක ඉහළ යාමකි.

ස්විස්ටෙක් සමාගමේ ආසන්නතම ලාභාංශ ගෙවීම වූයේ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා පසුගිය ජූනි මාසයේදී ලබා දුන් තෙවැනි අතරමැදි ලාභාංශයයි. එහිදී කොටසකට රුපියල් 1.05ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු විය.

Visits: 130