ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා වෙතින් රු 4.00ක් බැගින් තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.00ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බවද ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන නොවැම්බර් 19 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 09 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පවසයි.

මේ අතර අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදීම ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා කොටසක වටිනාම පෙර දිනයට සාපේක්ෂව රුපියල් 7කින් ඉහළ යමින් රුපියල් 117.00ක් බවට පත්විය. එය 6.36%ක වර්ධනයකි.

Visits: 232