100%ක් ස්වභාවික ශාකසාර සමඟින් එන පරිපුර්ණ හිසකෙස් සත්කාරය ‘කුමාරිකා තෙරපි ඔයිල්‘

මම ධරණී. මම උදේ  05ට අවදි වෙලා වතුර වීදුරුවක් බීලා තමයි දවස පටන් ගන්නෙ. මුළුතැන්ගෙයට ගිහින් උදෑසන කෝපි කෝප්පය බොන අතරතුරේ මට මතක් වෙන්නෙ මට අද මොනවද කරන්න තියෙන්නෙ කියල.  උදේ කෑම හදල, දරුවන්ව ඇහැරවලා, දරුවන්ගෙ වැඩ ඉවර කරල, නාලා උදේ 09 වෙන කොට  ඔෆිස් එකේ වැඩට සූදානම් වෙන්න ඕන. දරුවො එයාලගේ  Zoom පාසලේ වැඩවලට අවධානය දෙනවද කියල බලන්න ඕන.

ඒ අතරතුරේ ඔෆිස් එකේ රිපෝර්ට්ස් සම්පූර්ණ කරන්න, ඇස්තමේන්තු යවන්න, තව…. මීටින්ග්ස්වලට සම්බන්ධ වෙන්නත් තියෙනවා. දහවල් කෑම ලෑස්ති කරල, දරුවන්ගෙ අධ්‍යාපන කටයුතුවලට උදව් කරලා, රෑ කෑම වේල පිළියෙළ කරන්න ඕන, හෙට දවසේ ඔෆිස් එකේ මොනවද කරන්න ඕන වැඩ කියල සැලසුම් කරන්න ඕන.

කෝපි කෝප්පය සේදු ඇය කොණ්ඩය උඩට කර බදිමින් ඇගේ දවස පටන් ගන්නට සැරසෙයි. හිසකෙස් කිහිපයක් ඇගේ ඇඟිලිවල පැටලෙයි.  ඩැමේජ් වූ වියළි හිසකෙස්  දකින ඇය කොණ්ඩෙට තෙල් සාත්තුවක් කරන්න ඕන, වැඩ වැඩි නිසා අද  නම් බැරි වෙයි වගේ, වෙන දවසක වත් තෙල් සාත්තුවක් කරන්න ඕන යැයි සිතයි

ධරණිගේ දෛනික දින චර්යාව අනෙක් සිය ගණනක් කාන්තාවන්ගේ දින චර්යාවට සමානයි.  මේ කාර්ය බහුල ජීවන රටාව ඔවුන්ගේ සෞඛ්‍යයට පවා පවා අහිතකර බලපෑම් එල්ල කරන බව නොරහසක්.   

එමෙන්ම, කාන්තාවකගේ  දෛනික වැඩ කටයුතු  අන් කවරදාටත් වඩා වැඩි වී ඇති මේ කෝවිඩ් 19 වසංගත කාලයේ දී ඉන් ඇති වන මානසික ආතතිය පෙන්නුම් කරන ප්‍රබල සාධකයක් ලෙස නොසලකා හරින ලද කේශලාවන්‍ය පුරුදු මතින් ගොඩනැගෙන හිසකෙස් සම්බන්ද ගැටළු හුවා දැක්විය හැකිය. නිසි ලෙස රැක බලා නොගත් හිසකෙස්වල වියළි බව, හිසකෙස්වල දීප්තිය නැති වීම හිසකෙස් කැඩී යාම, රළු බව සහ හිසකෙස් අග පැලීම අද බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවලින් කිහිපයකි.

නිවර්තන දේශගුණයත්, නිතර නිතර දූවිලි සහිත බවත්, දූෂිත ජලය සහ වායු සමීකරණ සහිත පරිසරයත් නිසා ලාංකේය අපේ කොණ්ඩය නිරන්තර පීඩාවන්ට නිරාවරණය වන්නේ නිරායාසයෙනි. නිතර නිතර වෙනස් වන කාළගුණික තත්වයත්, අවට පරිසරයේ ස්වභාවයත් ඔබේ කොණ්ඩයේ තෙතමනය නැතිකරමින් කොණ්ඩය වියළි බවට පත් කරන අතරම කොණ්ඩයේ දීප්තිමත් බවටද හානි කරයි. වර්තමානයේදී හිසකෙස්වල තෙල් ආලේප කර සම්භාහනය මගින් හිසකෙස් දීප්තිමත්වත්, නිරෝගීවත් තබා ගැනීමේ කාලය අද ඉක්ම ගොසිනි. අපගේ කාර්‍යබහුල ජීවිතයත් සමඟ නිරෝගී සමත්, හිසකෙස්වල තත්ත්වය රැකබලා ගැනීමටත් යෙදවිය හැකි කාලය අවම වෙමින් පවතී.

පාරිභෝගිකයන්ගේ මෙම වෙනස් වන අවශ්‍යතාවන් මැනවින් හඳුනාගත් ශ්‍රී ලංකාවේ අංක 01 හෙයාර් ඔයිල් සන්නාමය වන කුමාරිකා, භාවිතයට පහසු කාලෝචිත හිසකෙස් සත්කාරයක් හඳුන්වා හඳුන්වා දී ඇත. නවතම කුමාරිකා තෙරපි රේන්ජ් හෙයා ඔයිල් සත්කාරය, ශ්‍රී ලාංකේය කාන්තා ඔබ වෙනුවෙන්ම වෙනුවෙන්ම විශේෂයෙන්ම නිෂ්පාදනය කරන ලද සුපිරීසිදු පොල්තෙල්, ආමන්ඩ් ඔයිල්, ආගන් ඔයිල්, එඬරු තෙල් සහ පොකුරු වද මල් සාරය යන ස්වභාවික තෙල් වර්ග පහක සංයෝජනයෙන් නිපදවා ඇත.

විටමින් බී -7වලින් පිරිපුන් ආමන්ඩ් ඔයිල්, ඩැමේජ් වූ හිසකෙස් නැවත යථා තත්වයට ගෙන එමින් හිසකෙස් පෝෂණය කරමින්, ශක්තිමත් කරයි. ඔමේගා – 6 මේද අම්ලවලින් සමන්විත එඬරු ඔයිල් හිසකෙස්වල නම්‍යතාව වැඩි දියුණු කරයි.  මුදු දීප්තිමත් කොණ්ඩයක් ලබා දෙමින් හිසකෙස් පිළියම්  කිරීමත් හිසකෙස්  වර්ධනය උත්තේජනයත් සිදු කරයි. හිබිස්කස් හෙවත් පොකුරු වදමල් සාරය මඟින් නිපදවන කෙරටීන් හානි වූ හිසකෙස්වලට පිළියම් කිරීම, හිසකෙස්වල වර්ණය පවත්වා ගැනීම, හිසකෙස් ඝනකම් කිරීම සඳහා උපකාර කරයි.

මොයිස්චරයිසරයක් ලෙස ක්‍රියාකරන ආගන් තෙල්, හිසකෙස් සහ හිස් කබලේ වියළි බව අඩු කරමින් කෙස් කැඩී යාම වළක්වා නිරෝගී බව ඇති කරයි. හිස කෙස්වල ප්‍රෝටීන් හිඟකම නිසා හිසකෙස් කැඩී යාම අවම කිරීම, හිසකෙස්වල තෙතමනය පවත්වා ගැනීම, හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීම සහ දූවිල්ල, දුම සහ හිරු එළිය වැනි බාහිර සාධක මගින් හිසකෙස්වලට සිදුවන බලපෑම්වලින් ආරක්ෂා කිරීමට සුපිරීසිදු පොල්තෙල් කටයුතු කරයි.

පහසුවෙන් භාවිතා කිරීමට හැකි  නව ඇප්ලිකේටර පනාව සමගින් එන කුමාරිකා තෙරපි ඔයිල්, 100% ස්වභාවික ඔයිල් සංඝටකයන්ගේ එකතුවෙන් ඩැමේජ් වූ හිසකෙස් පිළියම් කර ඔබට නිරෝගී කෙස් කළඹක් තහවුරු කරයි. මෙම තෙරපි ඔයිල් ස්නානයට විනාඩි 20කට පෙර හිසේ ගල්වන, හිසට පෝෂණීය සංඝටක අවශෝෂණය කර හිසකෙස් නිරෝගී කරන ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කළ හැකි අතර  සොබාදම කේන්ද්‍ර කර ගත් සුවපත් කිරීමේ ක්‍රමවේදයන්ට මුල් තැන දෙන කුමාරිකා, සැබෑ ශ්‍රී ලාංකේය සන්නාමයක් බැව් ලාංකේය අපට නොරහසක්.

දශක දෙකකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ හිසකෙස් රැකවරණයේ ප්‍රමුඛයා වන කුමාරිකා, සැබවින්ම  දේශීය සන්නාමයක් ලෙසින් 21 වන සියවසේ කාන්තාවන් වෙනුවෙන් නව විසඳුම් සහිත සාම්ප්‍රදායික හිසකෙස් සත්කාර ක්‍රම හඳුන්වා දෙයි.  100%ක් ස්වභාවික අමුද්‍රව්‍යවලින් සමන්විත වන හඳුන්වා දුන් නව කුමාරිකා තෙරපි රේන්ජ් 70ml බෝතලයක් රු.300ක් වැනි අවම මිලකට දිවයින පුරා ඕනෑම වෙළඳසැලකින් මිලදී ගත හැක.

Visits: 72