පිට පිට දින අටක් පුරා පැවැති වෙළෙඳ පොළ සාර්ථකත්වය බිඳ වැටෙයි

අද (ඔක්තෝබර් 28) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පිට පිට දින අටක් පුරා පැවැති ඉහළ යාම වෙනුවෙනුට කැපී පෙනෙන පහළ වැටීමකට පත් වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මාසය අගදී ආයෝජකයන් වැඩි වශයෙන් ලාභ ඉපැයිම් වෙද යොමුවීම ඊට හේතුව වූ බව එම සමාගම් සඳහන් කරයි. එසේම දැවැන්ත සමාගම්වල කොටස් වටිනාකම් පිළිබඳ උච්චාවචනයද ආයෝජක උනන්දුව පහත වැටීමට හේතුව වී ඇත. මේ අතර ලාභාංශ ගෙවීම් පිළිබඳ නිවේදනත් මගින්ම වටිනා සමාගම්වල කොටස් මිලදී ගැනීම සඳහා වන උනන්දුවද ඉහළ යමින් පවතින බවත් කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,121.90ත් ඒකක 10,204.09ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,137.85ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 27) දිනයට සාපේක්ෂව ඒකක 9.05ක් එනම් -0.09%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී, කොමර්ෂල් බැංකුව, හේලීස් පීඑල්සී, ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 22.3%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 177ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 82ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+4.44), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+4.41), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+3.86), ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී AEL (+3.81), ගලධාරි හොටෙල්ස් (ලංකා) පීඑල්සී GHLL (+3.03), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-12.06), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් පීඑල්සී CLC (-10.02), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.87), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-3.86), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.22) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,687.56ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 27) ‍ට සාපේක්ෂව ඒකක 11.16ක එනම් -0.30%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.19ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 27) වාර්තා කළ රුපියල් බිලියන 5.1 ට  සාපේක්ෂව 18% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.52ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 52.61%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 40.76ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 129.37ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 88.6කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.88ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ලයන් බෘවරි පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 20.95 කි. එසේම ඩයලොග් ආසිආටා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 56.37ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 908ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 22%කි. එසේම ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 884ක සහ රුපියල් මිලියන 635ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 342