SAMSUNG Galaxy 5G ස්මාර්ට්ෆෝන් සඳහා සිය Ready 5G නිෂ්පාදන කළඹ තවත් ශක්තිමත් කරයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් එළැඹෙන උත්සව සමය සඳහා මෙරට සැම්සුන් හි පුළුල් හා විශාල 5G නිෂ්පාදන කළඹ සමඟින් සිය පාරිභෝගිකයින්ට ලබා දුන් 5G පොරොන්දුව තවත් ශක්තිමත් කළ බව නිවේදනය කර සිටීයි.

පුළුල් පාරිභෝගික ජනතාවකට ශක්තිමත් නවෝත්පාදයන් වෙත ප‍්‍රවේශ විය හැකි පරිදි සැම්සුන් හි නවතම Galaxy 5G smartphones මාලාව හඳුන්වා දී ඇත.

”සැම්සුන් සැමවිටම පාරිභෝගිකයින් වෙත අර්ථවත් නවෝත්පාදනයන් ගෙන දෙන අතර මෙම අලූතින් එළිදැක්වූ Galaxy 5G smartphones අනාගතයට සූදානමින් සිටින අපගේ පාරිභෝගිකයින්ට නිමක් නැති හැකියාවන් සඳහා දොරගුළු විවර කරනවා. මෑතකදී හඳුන්වා දෙන ලද Galaxy Z Fold3 5G, Z Flip3 5G, A52s 5G, Galaxy M52 5G සහ Galaxy F42 5G අර්ථවත් තාක්ෂණයක් සහ නිෂ්පාදන ගෙන ඒම සඳහා සැම්සුන් සමාගමේ කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂි ලෙස පෙන්වා දිය හැකියි. අපගේ අරමුණ වන්නේ 5G තාක්ෂණය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් පසු පළමුවෙන්ම එම 5G ප‍්‍රතිලාභ ලබන්නන් බවට අපගේ පාරිභෝගික ජනතාව පත් කිරීමයි. එමගින් ඔවුන්ට සුපිරි වේගය, ඉතා අවම ප‍්‍රමාදය සහ අඛණ්ඩව වීඩියෝ නැරඹීම ආදී අත්දැකීම් අත්විඳිය හැකියි.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

Galaxy 5G

සැම්සුන් 2009 වසරේ සිට 5G තාක්ෂණය සඳහා සිදු කරනු සංවර්ධනයන් උදෙසා පුරෝගාමීව කටයුතු කරන ලද අතර 5G තාක්ෂණය ප‍්‍රමිතිකරණය කිරීම සඳහා ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. 2019 දී ලොව ප‍්‍රථම 5G smartphone එක වන Galaxy S10 හඳුන්වා දුන් සැම්සුන් ගෝලීය වශයෙන් පුළුල්තම 5G devices නිෂ්පාදන කළඹට හිමිකම් කියන අතර chipsets, radios සහ core ඇතුළු devices හරහා ආරම්භයේ සිට අවසානය දක්වා සාර්ථකව විසඳුම් ලබා දීමට පුරෝගාමීව කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය වෙළෙඳපොලට හඳුන්වා දීමට පෙර සිටම සැම්සුන් Twelve 5G Bands තාක්ෂණය සහිත N1, N3, N5, N7, N8, N20, N28, N38, N40, N41, N66 සහ N78 smartphones ලබා දීමෙන් අපගේ පාරිභෝගිකයින් අනාගතයට සූදානම් බව සහතික කිරීම සඳහා ඉදිරි පියවරක් තැබුවේය.

ශ‍්‍රී ලංකාවේ 5G bands කුමක් වුවත්, Galaxy 5G සමඟ 5G සම්බන්ධතාවය ගැන අපගේ පරිශීලකයින්ට සහතිකයක් ලබා දෙනු ඇති අතර එමඟින්  ඕනෑම 5G ජාලයකට (ක‍්‍රියාකාරී ජාලය ලබා ගැනීමේ හැකියාව අනුව) බාධාවකින් තොරව රට පුරා ජාල සම්බන්ධතාවයට ප‍්‍රවේශ වීමට හැකි වනු ඇත. මෙම අඛණ්ඩ 5G තාක්ෂණය සමඟින් ඉතා වේගයෙන් අන්තර්ගතයන් download කිරීමට, බෙදා ගැනීමට හා නැරඹීමට ඔබට උපකාරී වනු ඇත.

සැම්සුන් වසර තුනක් දක්වා මෙහෙයුම් පද්ධතිය (OS) upgrades සිදු කරන බවට පොරොන්දු වන අතර එනිසා තරගකාරීත්වයට සාපේක්ෂව ඉහළ කාර්යසාධනයකින් හා ඵලදායිතාවයකින් ඔබගේ devices පවත්වා ගැනීමට හැකි වේ.

පුළුල් පරාසයක විහිදුනු Samsung 5G devices විශිෂ්ට නිෂ්පාදන පමණක්ම නොව අපගේ පාරිභෝගිකයින්ව අනාගතයට සූදානම් කරවනු ලබයි. අවුරුදු 2 ත් 3 ත් අතර කාලයක් තුළ smartphone ආදේශනය කිරීමේ වත්මන් ක‍්‍රමය අනුව අද වන විට බාධාවකින් තොරව ක‍්‍රියා කරන මෙන්ම අනාගතයේදී ඉහළ කාර්යසාධනයක් සහිත powerhouses ලෙස අඛණ්ඩව පවතින devices සැපයීම වඩාත් වැදගත් වී ඇත. Samsung Twelve 5G Bands තාක්ෂණය සහ වසර 3 දක්වා OS upgrades සමඟින් පාරිභෝගිකයින්ගේ මෙම අවශ්‍යතාවය සපුරාලයි. future-ready Galaxy 5G smartphones මාලාවට මෑතකදී හඳුන්වා දෙන ලද නවතම  Galaxy Z Fold3 5G and Galaxy Z Flip3 5G, Samsung Galaxy S21 5G කාණ්ඩය (ඩයලොග් හි 5G Trial Network තුළට ප‍්‍රවේශ වීමට හැකියාව සහිත) Galaxy Note 20 5G කාණ්ඩය, පාරිභෝගික ආකර්ෂණය දිනූ Galaxy S20 FE 5G සහ Galaxy A52s 5G, Galaxy A22 5G, Galaxy M52 5G, Galaxy M32 5G, Galaxy M42 5G සහ Galaxy F42 5G ආදිය ඇතුළත්ය.

Samsung Galaxy 5G වෙළෙඳපොලේ දැනට පවතින මාදිලි සහ නවතම updates පිළිබඳ වැඩි විස්තර සඳහා microsite දැන් ඔබ සමඟ https://samsungsrilanka.lk/mobile/5g/ ඔස්සේ සජීවීව සම්බන්ධ වේ.

120Hz refresh rate, Infinity-O display, quad rear camera වැනි ජනප‍්‍රිය නවෝත්පාදනයන් සමඟින් 12-band 5G තාක්ෂණය සහිත Galaxy A52s 5G දැන් ඔබට ලබා ගත හැකිය.

Galaxy M52 5G යනු 7.4mm ප‍්‍රමාණයේ දර්ශනීය නිමාවකින් යුතු 11 5G bands තාක්ෂණය සහිත ඉතාම සිහින් හා වඩාත් ප‍්‍රබල M කාණ්ඩයේ smartphone එක වේ.

Galaxy F42 5G යනු 5G සම්බන්ධතාවය සමඟින් 12-band 5G තාක්ෂණය සහිත F කාණ්ඩයේ පළමු smartphone එක වේ.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට Galaxy 5G smartphones මිලදී ගත හැකිය. එමෙන්ම Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max, Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් සහ online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් Galaxy 5G smartphones ලබා ගත හැකිය.

Visits: 82