RakutenViber මෙවර ලෝක කුසලාන ක්‍රිකට් සමයේදී ඉහළ වාර්තාවක් තබයි

RakutenViber විසින් මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රිකට් සැණකෙළියක් සමඟින් ජනප්‍රිය පණිවුඩ හුවමාරු වේදිකාව මත සිත් ඇදගන්නා සුළු විශේෂාංග සහ ක්‍රියාකාරකම් එළිදක්වමින් ක්‍රිකට් ලෝලීන්ට විශේෂ සත්කාරයක් ලබා දීමට පියවර ගෙන ඇතැයි පවසයි.

ක්‍රිකට් සඳහා දැඩි උනන්දුවක් දක්වනු ලබන ක්‍රීඩා ලෝලී ප්‍රජාව කැපවීමෙන් Cricket Chatbotසබඳතාව සමඟ එකතුවෙමින් ක්‍රිකට් උන්මාදය වැඩි කර ගැනීමට සූදානම්ව සිටියි. ඔවුන්ගේ ක්‍රිකට් රසිකයන් සමඟ වඩාත් පෞද්ගලික අන්තර් ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් තමන්ගේම ප්‍රජාවන් සිටින ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංචිතයක් ගැන සඳහන් නොකරයි.

Viber දේශීයකරණය වූ ලෝක ක්‍රිකට් කුසලාන ස්ටිකර් නිර්මාණ කරණයේ සිට AR බලයෙන් ක්‍රියාත්මක ක්‍රිකට් තේමාවෙන් යුත් Viberකාච දක්වා, ලොව ප්‍රමුඛතම යෙදුම වාගේම සත්කාරත්වය අතින් එය පරිශීලනය කරන්නන් සඳහා උද්යෝගීමත් දීමනා රාශියක් ලබා දී ඇත. එමඟින් ක්‍රිකට් ලෝලීන්ට අපූරු දීමනා දිනා ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබේ!

”ලෝක කුසලානය සඳහා වූ සියලු උද්යෝගය සමඟින්, අසමසම අත්දැකීමක් සැමරීමට සහ රසිකයන් වෙත එම උද්යෝගය පිරිනැමීමට හැකියාව ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. එබැවින් අපගේ නවතම AR බලයෙන් ක්‍රියාත්මක Viber කාච, Viber ප්‍රජාවන් හරහා ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ කාලීනව සම්බන්ධ වීම, අපගේ ක්‍රියාකාරී හා ක්‍රියාශීලී Chatbot භාවිතා කරන්නන් සඳහා ත්‍යාගලබාදීම සහ තවත් බොහෝ දේ ඇතුළත් වඩාත් ආකර්ෂණීය අංග අප ඇතුළත් කරමින් සිටිනවා” යැයි RakutenViberහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂක ඩේවිඩ් ට්සේ පැවසීය.

දකුණු ආසියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ සෙයින් ආදරය කරන හා ක්‍රිකට් අනුගමනය කරනු ලබන ක්‍රීඩාවක් බවට පත්ව ඇති අතර ඊට දැඩිව ආශාකරන ප්‍රේක්‍ෂකයින් හට Viberවෙතින් ලබාදෙන Bot ක්‍රීඩාව උද්යෝගීමත්බව දනවන සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රීතිය නව තලයකට ගෙන යාමට සමත්ව ඇති සිත් ඇදගන්නා සුළු ක්‍රීඩාවක් වී තිබේ.

Chatbotග්‍රාහකයින්ට තරඟ ගැන පුරෝකථනය කිරීමට, තරඟ පැවැත්වීම් පිළිබඳ යාවත්කාලීනව සිටීමට සහ රසිකයින්වෙත ලකුණු යාවත්කාලීනව ලබා ගැනීමට මිමි (memes)ඇතුළු තවත් බොහෝ දේ තුළින් භුක්ති විඳීමට හැකිවන අයුරින් තමන්ගේම ප්‍රජාවට ක්‍රිකට් පිළිබඳ කතිකා Cricket Talks Community කිරීමට ප්‍රවේශය ලබා දේ. Viberමෙවර ලෝක කුසලාන Cricket Bot සමඟ තවත් පියවරක් ඉදිරියට තබමින් ක්‍රිකට් තරඟ වල ප්‍රතිඵල පුරෝකථනය කිරීමට සහ ජංගම දුරකථන, ලැප්ටොප්, ස්පීකර්, හෙඩ්ෆෝන්, Viber කූපන්, ජනප්‍රිය ස්ටිකර් ඇසුරුම් සහ තවත් බොහෝ තෑගි දිනා ගැනීමට රසිකයින්ට අවස්ථාව සලසා දෙනු ලබයි.

Visits: 55