“හොරුන්ව අධිකරණයට යොමු කරන්නවත් බලයක් කෝප් කමිටුවට නැහැ.” – මන්ත්‍රී ඉරාන්

ලංකාවේ රාජ්‍ය ආයතනවල ලක්ෂ ගණනින් මුදල් සොරකම් හා වංචා කළ අයට විදේශ රටවල අධිකරණවල බරපතල වැඩ සහිතව සිර දඬුවම් දෙන විට, වංචා පිළිබඳ විමසීමට පාර්ලිමේන්තුවෙන් පත් කර තිබෙන කෝප් කමිටුවට සොරුන් හා වංචාකරුවන් අධිකරණයකට යොමු කිරීමට පවා බලයක් නොමැතිවීම් කනගාටුවට කරුණක් යැයි ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ආණ්ඩුව කාගේ වූවද රට හදන්නට නම් සොරුන්ට හා වංචා කරුවන්ට දඬුවම් දීමේ ක්‍රම වේදයක් රටට අවශ්‍ය යැයි පාර්ලිමේන්තු කෝප් වාර්ථාව පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේ දී මන්ත්‍රී වරයා එසේ පවසා තිබේ.

එහිදී වැඩි දුරටත් කථා කළ ඉරාන් වික්‍රමරත්න මහතා ,

අද අපි කෝප් වාර්තාව ගැන කතා කරන අව්ස්ථාවේ දී එහි පැවත්ම පිළිබඳව කථා කරන්න කැමතියි. කෝප් එකේ සභාපති ඇතුළු ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සාමාජික මන්ත්‍රීවරුන් කෙතරම් මහන්සි වෙලා වංචා දුෂණ ගැන හෙළි කළ ද එහි ප්‍රතිඵලයක් තිබේ ද.

මේ වංචා දූෂණ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම පමණක් ද අපගේ වගකීම විය යුත්තේ. රාජ්‍ය මුදල් සොරකම් හා වංචා කරන්නන්ව අධිකරණයට යොමු කිරීමේ බලයක් නොමැතිව කෝප් කමිටුව පවත්වාගෙන යෑම ඵල රහිත් ක්‍රියාවකි. කුමන ආණ්ඩුව බලයේ සිටියත් කාලයක් තිස්සේ පවතින තත්ත්වය මෙයයි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද රාජ්‍ය පාලනය තුළ සිදුවන්නාවු වංචා දූෂණ ගැන සොයා ගන්නට සෑහෙන්න මහන්සි වනවා.

කෝප් වාර්ථාවේ පරීක්ෂණවලට භාජනය කරන රාජ්‍ය ආයතන අලාභ හා පාඩු පිට පවත්වා ගෙන යන්නේ නම් එය බදු ගෙවන ජනතාවට බරකි. රාජ්‍ය ආයතනවල වංචා දූෂ්ණවල පීඩනය පැටවෙන්නේ සාමාන්‍ය ජනතාව මත බැවින් ජනතා නියෝජිතයන් ලෙස කුමන පක්ෂය බලයේ හිටියත් දූෂිතයන්ට දඬුවම් පැමිනවීම අනිවාර්යයෙන් සිද්ද කළ යුතු කාර්යයක් බව හෙතෙම් අවධාරණය කර තිබේ.

දූෂණය, සොරකම හා වංචාව පිළිබඳව වාර්ථාව තිබෙනවා. ඒවා ගැන කෝප් එකේ සාකච්ඡා කරනවා පමණි. මොකද්ද එයින් රටට ජනතාවට ලැබෙන සෙත. රටේ සොරකම් වංචා නැති කරන්නට නම් වංචාව හෙළිවූ පසුව ඒවාට එරෙහිව අධිකරණය හරහා දඬුවම් පැමිණවීමේ ක්‍රමයක් අත්‍යාවශ්‍ය වෙනවා. නැතිනම් මේ කෝප් කමිටුව ඵල රහිත ක්‍රියාවක් බව කිව යුතුයි.

අපේ රාජ්‍ය සංස්ථාවල සිදුවීම් දෙකක් පිළිබඳව මෙහි සඳහන් කළ යුතුයි. 2020 ජනවාරි 31 වනදා මහ බ්‍රිතාන්‍යයේ සවුත්වෝක් උසාවියේ නඩු තීන්දුවක් තිබෙනවා. ලංකාවේ ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර් බස් යානා මිලදී ගැනීමේදී, බ්‍රිතාන්‍යයේ එයා බස් සමාගමින් එයා බස් යානා 10 ක් මිලදී ගැනීමටත් එයට අතිරේකව ගුවන් යානා හතරක් කල් බදු ක්‍රමයට ගැනීමටත් ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතනයට බලපෑම් කිරීම සඳහා අතරමැදි සමාගමකට ඩොලර් මිලියන 16.84 දීමට පොරොන්දු වෙලා ඩොලර් මිලියන 2 ක් ලබා දී තිබෙන බව මේ සම්බන්ධ මහ බ්‍රිතාන්‍යයේ 2020 ජනවාරි 31 ලබා දුන් නඩු තීන්දුවේ සඳන වෙනවා.

එම නඩු තීන්දුවෙ සඳහන් වන ආකාරයට ශ්‍රීලංකන් ගුවන් සේවයේ එවක ප්‍රධාන විධායක නිලධාරී ගේ භාරියාවගේ නමින් මහ බ්‍රිතාන්‍යයේ ආරම්භකරන ලද ආයතනයකටයි මෙම ගෙවීම් කර තිබෙන්නේ මෙය පුද්ගලයන් සම්බන්ධ කරුණක් නොව.මෙවන් වාර්තාවලින් ප්‍රකාශ වන දේවල් ගැන පුද්ගලවාදෙයෙන් ඔබ්බට ගිහින් සියලු රජයන් විසින් තරාතිරම නොබලා රට වෙනුවෙන් කටයුතු කර වරදකරුවන්ට දඬුවම් දීමේ ක්‍රම වේදයක් රට වෙනුවෙන් තිබිය යුතුයි.

ආණ්ඩුව කාගේ කුමක් වූව ද මෙවන් වංචා හා සොරකම් සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කරන්න කෝප් එකට බලයක් තිබිය යුතුයි. එසේ නැතිනම් එහි සාමාජිකයන් මේ සඳහා කාලය වැය කිරීමෙන් ඵළක් වන්නේ නැත. එයාර් බස් නඩු තීන්දුව ට ප්‍රථම 2015 මාර්තු 30 වනදා එවක වරාය හා සිවිල් ගුවන් සේවා ඇමාත්‍ය අර්ජුන රණතුංග මහතාට දුන් වාර්තාවේ මේ ප්‍රධාන විධායක නිලධාරීයාට ගුවන් සේවා ගැන කිසිදූ සුදුසුකමක් නැති බව සඳහන් වනවා.

රජය යටතේ පත්වීම් බොහොමයක් කරගෙන යනවා. නුසුදුස්සන් පත්කිරීමේ ක්‍රම වේදයේ ගැටලුවක් මෙතන තිබෙන්නේ. අවාසනාවකට නුසුදුස්සන් පත්කිරීම හා වංචා සොරකම් ගැන කියන විට දේශපාලන මඩ ගැසීම් කරනවයි ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් චෝදනා කර සොරකම් ආවරණය කරන දූෂණ ක්‍රමයෙන් බැහැර වෙලා රටට වැඩදායී ක්‍රමයකට අපි යොමුවිය යුතුයි.

එදා හිටපු ආණ්ඩුවේ කවුරුන් හෝ මේ එයා බස් ගනු දෙනුවල මුදල් දූෂනය කර ඇත්නම් බලයේ සිටින රජයක් වශයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරන්නැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබේ. එසේම රට හදන්නට නම් මේ ක්‍රමය හැදිය යුතු නිසා මෙසේ කියන බවට හෙතෙම සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ දූෂණයන් පිළිබඳව ඇමරිකාවේ ෆෙඩෙරල් උසාවියේ නඩු තීන්දුවකුත් තිබෙනවා. 2021 ෆෙබරවාරි 18 දින එකී දූෂණයේ වරදකරුවූ ඇමරිකාවේ සුබේරි නම් පුද්ගලයෙකුට වසර 12 ක සිර දඬුවම් නියම කළා.

මෙහි දී මහ බැංකුව 2006 වසරේ දී මොහු සමඟ එකඟතාවයකට එළඹ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නගන්නට යැයි ඩොලර් මිලියන 650 ක් ගෙවා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ගෙවීම සඳහා රජයේ හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් ලබා ගෙන නොමැති අතර එවන් කොන්ත්‍රාත්තුවක් ලංකාව වෙනුවෙන් ඉටු කළා ද කියා සහතියක් වත් නොමැත.

ඩොලර් මිලියන 650 ක වංචාවකට වසර 12 ට ඇමරිකානු අධිකරණය එහි පුරවැසියෙක්ව හිරේ යවා ඇති අවස්ථාවේ ලංකාවේ අපි මේවා උසාවියට ඉදිරිපත් කර සොයා බැලිය යුතු වූව ද එවන් දෙයක් මෙතෙක් සිදු කර නැත.

ශ්‍රී ලංකාවේ මුදල් වංචා වලට විදේශීය අධිකරණවලින් දඬුවම් දෙන මෙවන් පසුබිමක අපේ පාර්ලිමේන්තුව කෝප් එකට මේවා එකක් ගැනවත් නඩු පැවරීමට තියා කරුණු සොයා ගන්නටවත් බැරිවීම කණගාටුදායක යැයි ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Visits: 50