2020 EXPO වෙළෙඳ ප්‍රදර්ශනය සමයේ ඩුබායි එන පවුල්වලට එමිරේට්ස් වෙතින් ආකර්ශනීය දීමනාවක්

2020 EXPO වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන කාලය පුරා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන්ට ලබාදෙන විවිධ ප‍්‍රතිලාභ වලට අමතරව ඔවුන්ගේ දරුවන්ගේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සඳහා විශේෂ සහන මිලක් අය කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම තීරණය කර ඇතැයි පවසයි.

මේ අනුව, ඩුබායි සඳහා ටිකට් පත් වෙන්කරවා ගන්නා පවුල් වලට අවුරුදු 2 ත් 11 ත් අතර දරුවන් සඳහා ගෙවිය යුතු වන්නේ වැඩිහිටි ටිකට් පතේ මිලෙන් 25% ක් පමණි.

මෙම විශේෂ මිල වලංගු වන්නේ නොවැම්බර් 6 දිනට පෙර වෙන්කර ගන්නා ටිකට් පත් සඳහා වන අතර එසේ ලබාගන්නා ටිකට් පත් 2022 මාර්තු 31 දක්වා භාවිතා කළ හැකි බව එමිරේට්ස් ගුවන් සමාගම සඳහන් කරයි. වැඩිදුර තොරතුරු සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න. 

මෙතෙක් පවත්වන ලද විශාලතම ගෝලීය EXPO ප‍්‍රදර්ශනය වන මෙය ඩුබායි නුවර පැවැත්වීමට තීරණය කිරීමත් සමග මෙහි අත්දැකීම සියළු වයස් කාණ්ඩවල ගෝලීය පුරවැසියන්ට ලබාදීමට එමිරේට්ස් තීරණය කර ඇත. මේ අනුව, 2020 EXPO ප‍්‍රදර්ශනයේ ප‍්‍රමුඛතම පාර්ශවකරුවා සහ නිළ ගුවන් සේවය ලෙස ගමනාන්ත 120 කට වැඩි ප‍්‍රමාණයක සිට මෙම වැඩසටහනට අමුත්තන් රැගෙන ඒමට එමිරේට්ස් සැලසුම් කර තිබේ.

මෙම කාලයේදී කුඩා දරුවන් සහ තම පවුලේ සාමාජිකයින් සමග ඩුබායි වෙත සංචාරකයින් පැමිණෙන ප‍්‍රධාන රටවල් ලෙස එංගලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, රුසියාව, ස්විට්සර්ලන්තය සහ ඉතාලිය එමිරේට්ස් විසින් හඳුනාගෙන ඇත. මේ අතර, එමිරේට්ස් විසින් අනාවරණය කරන්නේ ඉදිරි මාස කිහිපය තුළදී ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ගෙන් අඩකට වැඩි ප‍්‍රමාණයක් මීට පෙර ඩුබායි වෙත පැමිණි සහ සතියකට වැඩි කාලයක් ඩුබායි හි රැඳී සිටීමට සැලසුම් කර තිබෙන කණ්ඩායමක් බවයි.

2020 EXPO වෙළෙඳ ප‍්‍රදර්ශනය සුවිශේෂ අත්දැකීම්, ප‍්‍රදර්ශන භාණ්ඩ සහ රැඟුම් වලින් පිරි සමස්ත පවුලේ සාමාජිකයින්ගේ සිත් පිනවන එකක් වනු ඇත.

මේ අනුව, මෙම වැඩසටහනේදී විනෝදාස්වාදය, අධ්‍යාපනය, කලාව, තාක්ෂණය පිළිබඳ අත්දැකීම් සංචාරකයින්ට ලබාගත හැකි වේ. මෙම ප‍්‍රදර්ශනයේදී අමුත්තන්ට විවිධ රටවල් නියෝජනය කරන ජාතික ප්‍රදර්ශන වේදිකා 192 ක් සහ හෙට ලෝකයේ බලාපොරොත්තු විය හැකි නව්‍ය නිර්මාණ නැරඹිය හැකිවේ.

Visits: 87