රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව 2022/23 සඳහා අයැදුම්පත් කැඳවෙයි

රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා (Bachelors/Masters/PhD) හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට රුසියානු ශිෂ්‍යත්ව සඳහා අයැදුම් කළ හැකි බව කොළඹ රුසියානු මන්දිරය පවසයි.

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා වන වාර්ෂික ඇතුළත්වීමට අයදුම්පත් භාර ගැනීම 2021 සැප්තැම්බර් 01 වන දින ආරම්භ වූ අතර 2021 නොවැම්බර් 01 වනදා අවසන් වෙයි.

මෙම ශිෂ්‍යත්වය සඳහා අයැදුම් කිරීමට https://education-in-russia.com වෙබ් අඩවියට පිවිසෙන ලෙසද කොළඹ රුසියානු මන්දිරය සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩි විස්තර දුරකතන අංක 0112685429 හරහා කොළඹ පිිහිටි රුසියානු මන්දිරයෙන් දැනගත හැකිය. එසේත් නැත්නම් edu@lka.rs.gov.ru ඊ-මේල් ලිපිනයට පණිවුඩයක් එවිය හැකිය.

Visits: 200