මහ බැංකු අධිපති කබ්රාල් සහ කටාර් මහ බැංකු අධිපති අතර හමුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ කටාර් මහ බැංකු අධිපති අතිගරු ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා අතර හමුවක් ඊයේ මහ බැංකුවේදී සිදුවූ බව මහ බැංකුව පවසයි.

දෙරටේ මහ බැංකු අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කරගැනීම සහ කොවිඩ්-19 වසංගතයෙන් ආර්ථිකයන්ට සිදුවන බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ බව මහ බැංකුව සඳහන් කරයි.

Visits: 69