නව සභාපති තිලංගගේ සහභාගිත්වයෙන් පැවැත් වුණු ඒෂියා කැපිටල් පීඑල්සී ‘The Way Forward’

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම සිය සමාගමේ සේවක පිරිස සඳහා ’The Way Forward’ නමින් වැඩසටහනක් පසුගියදා සංවිධානය කර තිබේ.

කොළඹ Movenpick හෝටලයේදී පැවැත්වුණු මෙම වැඩසටහන ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස පසුගියදා පත්වීම් ලැබූ තිලංග සුමතිපාල මහතාගේ සහභාගිත්වයෙන් සංවිධානය වී තිබීමත් විශේෂත්වයකි.

මෙම වැඩසටහනෙහි ආරාධිත දේශකයන් ලෙස මහ බැංකුවෙහි වත්මන් සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජේවර්ධන මහතාද සම්බන්ධව සිට ඇත.

අද වනවිට ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම ලෙෂර් අංශය, ව්‍යාපෘති කළමනාකරණය, ආයෝජන බැංකුකරණය, උපදේශන සේවා, දේපළ කළමනාකරණය, වත්කම් කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය යන අංශ පුරා විහිදී ඇත.

ආසන්න කාලසීමාවේදී පසුබැසීමකට ලක් වූ ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම ස්ථිරසාර නව ගමනක් රැගෙන යන බව නව සභාපති සුමතිපාල මහතා පවසා තිබේ.

Visits: 410