හේමාස් හෝල්ඩිංග්ස් රු.2.90 බැගින් පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (HHL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.90ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශය ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන නොවැම්බර් 10 වැනිදා ප්‍රකාශකෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ඔක්තෝබර් 28 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවද සමාගම පවසයි.

ඊයේ දිනයේ කොළඹකොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී හේමාස් හෝල්ඩිංග්ස් කොටසක වටිනාකම රුපියල් 73.90ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී පැවැති කොටස අගය වූ රුපියල් 74.00ට සාපේක්ෂව ශත 10කින් එනම් 0.14%කින් පහත වැටීමකි.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අවසන් වරට සිය ලාභාංශ ගෙවීමක් ලෙස පසුගිය ජූලි මාසයේදී කොටසකට රුපියල් 1.45ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කළේය. එ‍ය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබාදුන් අවසන් ලාභාංශ ගෙවීමද විය.

Visits: 351