විදේශ රැකියා සඳහා උනන්දුවන්නන්ට ඔන්ලයින් විදෙස් රැකියා පෙළක් අද පෙරවරු 10.00ට

විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳ පොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සංවිධානය කරන ‘ඔන්ලයින් විදේශ රැකියා පොළක්‘ අද පෙරවරු 10.00ට පැවැත්වෙන බව එම කාර්යාංශය නිවේදනය කරයි.

මෙහිදී හෝටල් සහ ආපනශාලා තුළ විදේශරැකියා බලාපොරොත්තු වන පිරිස් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහිදී බලපත්‍රලාභී විදේශරැකියා නියෝජිත ආයතන හරහා මෙම අවස්ථාවන් හිමි වන බව සඳහන් වෙයි.

අද පෙරවරු 10.00ට ZOOM මාධ්‍ය ඔස්සේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා නොමිලේ සහභාගි වීමේ අවස්ථාවක් ඇතැයි කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව Meeting ID – 99982610420 හරහා මේ වෙද පිවිසිය හැකි අතර Passcode – 247555 යෙදිය යුතුව ඇත.

මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වී ඔබගේ විදේශ රැකියා සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස් රැකියා සඳහා උනන්දුවක් දක්වන පිරිසට ආරාධනා කරයි. මෙම Zoom වැඩසටහන වෙත සහභාගිවීමට නොහැකි පිරිස් වෙත කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුව (Sri Lanka Bureau of Foreign Employment) සහ යූටියුබ් නාලිකාව හරහාද මෙම වැඩසටහන නැරඹීමේ අවස්ථාව ඇත.

Visits: 326