හේමාස් හෝල්ඩිංග්ස් Spectra Logistics Limited හි කොටස් සියල්ල GAC Logistics වෙත විකුණයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන හේමාස් ට්‍රාන්ස්පොටේෂන් (පෞද්) සමාගමට අයත්ව තිබූ Spectra Logistics (Pvt) Ltd සමාගමෙහි කොටස් සියල්ලම අලෙවි කර දමා ඇතැයි පවසයි.

මෙහිදී GAC Logistics Limited (Gulf Agency Company) සමාගම මගින් මෙම කොටස් මිලදී ගැනීම සිදු කර ඇති අතර, එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.3කට (1,275,000,502ක) මුදලක් වන බවත් හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහන් කර සිටියි.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත් හේමාස් ට්‍රාන්ස්පොටේෂන් (පෞද්) සමාගම සහ GAC Logistics Limited සමාගම අතර ඇති කරගත් ඒකාබද්ධ හවුල්කාරීත්වයක් (Joint Venture) යටතේ මෙම Spectra Logistics (Pvt) Ltd සමාගම පිහිටුවා ගෙන තිබුණි.

ඒ අනුව වඩාත් හොඳ ස්ථාවරත්වයක් සහිත සමාගම් දෙකක් ලෙස ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ බොහෝ ප්‍රදේශ තුළත් ලොජිස්ටික් සහ සැපයුම් දාම හා සම්බන්ධ සේවා සැලසීමේ සහ කළමනාකරණය කිරීමේ සුවිශේෂී සමාගමක් ලෙස මෙය ක්‍රියාත්මක වූ බව Spectra Logistics (Pvt) Ltd සමාගම පවසයි.

Spectra Integrated Logistics Pvt Ltd ලෙස ලියාපදිංචි එම සමාගම මුතුරාජවෙල කර්මාන්ත කලාපයේ ස්ථාපිත කර තිබේ. එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ ඉමිතියාස් එසෆුලි මහතාය.

Visits: 541