“ඇතැම් පවුල් මගින් කළමනාකරණය කරන සමාගම්හි කොටස් තුළ ආයෝජනයේදී ප්‍රවේශමෙන්” – නිමල් පෙරේරා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත යම් පවුල් මගින් කළමනාකරණය කෙරෙන සමාගම් සතු කොටස් තුළ මුදල් ආයෝජනයේදී ප්‍රවේශම් විය යුතු බව මෙරට ප්‍රකට ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි. එසේ නොවුණහොත් හානි සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

විශේෂයෙන්ම මෙවැනි යම් පවුල් කිහිපයක් විසින් කළමාකරණය කරනු ලබන කොටස් සහිත සමාගම් ඒවායේ සුළු කොටස්හිමිකරුවන්ගේ අයිතිවාසිකම් වෙත ගරු නොකරන බවද ඔහු සඳහන් කර ඇත.

“පවුල් කළමනාකාරීත්වයක් සහිත ඇතැම් සමාගම්වලට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි සමාගම් ඒවායේ සුළු කොටස්හිමිකරුවන්ගේ අයිතිවාසිකම් වෙත ගරු කිරිමක් කරන්නේ නෑ. ඒ නිසා කරුණාකර එවැනි සමාගම් තුළ ආයෝජනයේදී වඩාත් ප්‍රවේශම් වෙන්න. එසේ නොවුණහොත් ඔබට හානි සිදු වේවි.” යනුවෙන් එහි සඳහන්ව තිබේ.

Visits: 1486