සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සතු Handuvaru Ocean Holidays (pvt) Ltd හි ඉතිරි 50%ත් චීන සමාගමකට

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත සිලෝන් හොටෙල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම යටතේ මාලදිවයිනේ ක්‍රියාත්මක සිලෝන් හොටේල්ස් මෝල්ඩිව්ස් (පෞද්) සමාගමට (CHML) අයත් Handuvaru Ocean Holidays (pvt) Ltd සමාගමේ 50%ක කොටස් හිමිකාරීත්වයක් චයිනා ට්‍රැවල් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හොංකොං ලිමිටඩ් සමාගම වෙත අලෙවි කිරීමේ ‘කොන්දේසි සහගත‘ එකඟතාවකට පිවිසි බව සිලෝන් හොටෙල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම අනාවරණය කරයි.

මෙම සිලෝන් හොටේල්ස් මෝල්ඩිව්ස් (පෞද්) සමාගම සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී (CHC PLC) සමාගමේ 67.51% ක කොටස් හිමිකාරීත්වයක් සහිත යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් සමාගම යටතේ ක්‍රියාත්මකව පවතින්නකි.

සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී සිලෝන් හොටේල්ස් මෝල්ඩිව්ස් ලිමිටඩ් සමාගම, මාලදිවයිනේ Handuvaru Ocean Holidays (pvt) Ltd සමාගම සමගින් ඇති කරගත් ඒකාබද්ධතාවක් යටතේ පැවැති 50%ක කොටස් හිමිකමක් එක්සත් ජනපද ඩොලර් 4,493,663ක මුදලකට අලෙවි කර තිබේ.

මෙම ගනුදෙනුව සම්පූර්ණවීම ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කොන්දේසි සඳහා පාර්ශ්වයන් අතර කැමැත්ත හිමිවීමත් සමගින්ම සිදුවනු ඇතැයිද මෙහිදී සඳහන් වෙයි.

මාලදිවයිනේ ලියාපදිංචි Handuvaru Ocean Holidays (pvt) Ltd සමාගමට එරටට අයන් අන්බරා දූපත් හි කල්බදු බලපත්‍රය හිමි සමාගමකි.

මේ අතර 2018 වසරේ පෙබරවාරි 06 වැනිදා සිලෝන් හොටෙල් කෝපරේෂන් පීඑල්සී සමාගම සිදු කළ වෙළෙඳ පොළ අනාවරණයකට අනුව, සිලෝන් හොටේල්ස් මෝල්ඩිව්ස් ලිමිටඩ් සමාගම චීනයේ Zhen Hua Engineering Company Limited (ZHEC) සමාගම සමගින් අන්බාරා දූපතේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඒකාබද්ධ හවුල්කාරීත්ව ගිවිසුමකට (Joint Venture) පිවිසි බව සඳහන් කෙරිණි.

Zhen Hua Engineering Company Limited (ZHEC) සමාගමට Handuvaru Ocean Holidays (pvt) Ltd සමාගමේ ඉතිරි 50%න කොටස් හිමිකාරීත්වය අයිති බවත් පැවසෙයි.

Visits: 364