Galaxy A52s 5G සමඟින් SAMSUNG සිය 5G ස්මාර්ට් ජංගම දුරකතන මාලාව හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් වැඩි පාරිභෝගිකයින් පිරිසකට ප‍්‍රවේශ වීමේ අරමුණින් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය Galaxy A52s 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇතැයි පවසයි.

Galaxy A52s 5G යනු සැම්සුන් Galaxy A කාණ්ඩයේ 5G වගකීමක් ලබා දෙන දෙවන 5G ස්මාර්ට් ජංගම දුරකතනය වන අතර එය පාරිභෝගිකයින්ගේ හොඳම තේරීම බවට පත් වනු ඇති බව නිසැකය.

120Hz refresh rate” Infinity-O display” OIS සහිත 64MP quad camera, ජලය සහ දුවිලි වලට ඔරොත්තු දෙන IP67 rating තාක්ෂණය සහ තවත් බොහෝ ජනප‍්‍රිය නවාංගයන් සමඟින් Galaxy A52s 5G දැන් ඔබ අතට පත් වනු ඇත.

”සැමට ප‍්‍රවේශ විය හැකි පරිදි නවෝත්පාදනයන් හඳුන්වා දීම යන Galaxy A කාණ්ඩයේ දර්ශනය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් Galaxy A52s 5G ඉන්දියාවේදී දියත් කිරීමට හැකිවීම ගැන අප සතුටු වෙනවා. ප‍්‍රබල Snapdragon 778G ප්‍රොසෙසරය සහ 120Hz refresh rate display, OIS හැකියාව ඇති කැමරාව හා IP67 rating තාක්ෂණය සමඟ අපූරු හැඩයකින් යුතු මෙම smartphone එක මගින් වීඩියෝ ක‍්‍රීඩා, content creation හා තවත් බොහෝ දේවල් සඳහා කදිම නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය. Samsung 5G guarantee of 12 bands’ support තාක්ෂණය හා OS upgrades සඳහා වසර තුනක වගකීමක් සමඟ එන Galaxy A52s 5G මගින් 5G හි ප‍්‍රතිලාභ පළමුවෙන්ම අත්විඳින පිරිස අතර තමන්ද සිටින බවට පාරිභෝගිකයින්ට විශ්වාසයක් ඇති කර තිබෙනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසීය.

12 bands’ 5G support තාක්ෂණය හා OS upgrades සඳහා වසර තුනක වගකීමක් සහිතව එන Samsung Galaxy A52s 5G අනාගතයට සූදානමින් සිටින පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර තිබීම විශේෂිතය. 5G ජාලය ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීම ආරම්භ කළ පසු, සුපිරි වේගය හා ultra-low latency හැකියාව වැනි 5G තාත්ෂණයේ ප‍්‍රතිලාභ භුක්ති විඳීමට ඔබට හැකි බව මෙම device එක සහතික කරයි.

Samsung Galaxy A52s 5G මගින් පාරිභෝගිකයින්ට වීඩියෝ හා games ඉතා වේගයෙන් download කිරීමට සහ zero lag gaming අත්දැකීමක් Samsung Galaxy A52s 5G ඔබට ලබා දෙනු ඇත. එමෙන්ම පාරිභෝගිකයින්ට අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ගේ ප‍්‍රියතම වීඩියෝ අන්තර්ගතයන් buffering රහිතව නැරඹීමටත් සහ උසස් තත්වයේ අන්තර්ගයන් බෙදාහදා ගැනීමටත් මෙමගින් හැකියාව ලැබේ. Samsung Galaxy A52s 5G සඳහා 5G මෘදුකාංගය 2022 මාර්තු මස සිට ඔබට ලබා ගත හැකි අතර එමගින් 5G තාක්ෂණය සහිත වීඩියෝ නැරඹීමේ අත්දැකීමක් ද පාරිභෝගිකයින්ට ලබා ගත හැකිවනු ඇත.

8GB+128GB වර්ගයේ Galaxy A52s 5G ස්මාර්ට් ජංගම දුරකතනයක මිල රුපියල් 109,999 කි.

මෙය කළු හා ලා නිල් යන ආකර්ෂණීය වර්ණ දෙකින් ලබා ගත හැකිය. පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට Samsung Galaxy A52s 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය. එමෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.

Visits: 80