සිමෙන්ති මිල අද සිට රුපියල් 93කින් ඉහළට

මෙරට වෙළෙඳ පොළෙහි ඇති කිලෝග්‍රෑම් 50ක බරකින් යුත් සිමෙන්ති ඇසුරුමක මිල අද දිනයේ සිට රුපියල් 93කින් ඉහළ දමන බව සිමෙන්ති නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගම් පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති ඇසුරුමක මිල 1,098ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ මිල පාලනය අහෝසි කිරීමත් සමගින්ම මෙලෙස එම මිල ගණන් ඉහළ දැමීමට සමාගම් කටයුතු කර ඇත.

අද වනවිට මෙරට තුළ සිමෙන්ති නිෂ්පාදන සමාගම් දෙකක් ක්‍රියාත්මක වන අතර, තවත් සමාගම් රැසක් සිමෙන්ති ආනයනය කර ඇසුරුම් කර වෙළෙඳ පොළට නිකුත් කිරිම සිදු කරයි.

Visits: 101