සැප්තැම්බරයේ සංචාරකයන් 13,547ත් සමග මුල් මාස 9ට සංචාරක පැමිණීම් 37,924ක් වෙයි

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට වෙත විදෙස් සංචාරකයන් 13‍්,547 දෙනෙකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය වසර තුළ එක් මාසයකට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව ලෙසද සඳහන්ව තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළදී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 37,924කි.

මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව වූ 507,311ට සාපේක්ෂව 92.5%ක අඩු වීමකි.

කෙසේ වෙතත් වසංගත තත්ත්වයත් සමගින්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශුන්‍යයක් ලෙස සටහන්වූ සංචාරකයන් හා සැසඳීමේදී මේ වසරේ සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම් කැපී පෙනෙන අවස්ථාවක් බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ පිළිවෙලින් සංචාරකයන් 1,682ක්, 3,366ක්, 4,681ක්, 4,168ක්, 1,497ක්, 1,614ක්, 2,429ක් සහ 5,040ක් ලෙස සංචාරකයන් පැමිණ තිබේ.

සැප්තැම්බර් මාසයේදී වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ ආසියා සහ පැසිපික් කලාපයෙනි එය 10,685ක් වන අතර 78.9% ක ප්‍රතිශතයකි. දෙවැනි වැඩිම පැමිණීම් යුරෝපයෙන් වාර්තා වී ඇති අතර එය 2,350ක් එනම් 17.3%ක ප්‍රතිශතයකි. එසේම ඇමෙරිකානු කලාපයෙන්ද සංචාරකයන්438 දෙනෙකු පැමිණ ඇත. මීට අමතරව මැදපෙරදිගින් සහ අප්‍රිකානු කලාපයෙන් පිළිවෙලින්  සංචාරකයන් 58ක් සහ 16ක් පැමිණ තිබේ.

මෙහිදී ආසියානු කලාපයෙන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි එය 8,258කි. යුරෝපයෙන් වැඩිම සංචාරකයන් පිරිස ජර්මනියෙන් පැමිණ තිබේ එය 466කි. ඇමෙරිකානු කලාපයේ වැඩිම සංචාරක පැමිණීම කැනඩාවෙන් වාර්තා වී ඇත. එය 265කි. එසේම චීනයෙන් සංචාරකයන් 176 දෙකෙු පැමිණ තිබේ.

Visits: 120