ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඔන්ලයින් රැකියා බැංකුවක් ආරම්භ කරයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මගින් කාලීන අවශ්‍යතාවක්ව තිබූ මාර්ගගත රැකියා ස්ථාපන සේවයක් (රැකියා බැංකුවක්) ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන සේවාවක් වන මෙය රැකියා අපේක්ෂිත තරුණ, තරුණියන් හා රැකියා ඇබෑර්තු පවතින ආයෝජන මණ්ඩලය අනුමත ආයෝජක ප්‍රවර්ධන කලාප හා ඉන් පිටත පිහිටුවා ඇති ආයතන අතර වඩාත් ඵලදායී මෙන්ම පහසු සම්බන්ධතාවක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව එම මණ්ඩලය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය (https://investsrilanka.com) වෙත පිවිස එහි ඇති Online Services ඔස්සේ Job bank අයිකනය මගින් මෙම මාර්ගගත රැකියා බැංකුව වෙත පිවිසීමේ අවස්ථාව හිමි වෙයි.

එහිදී රැකියා අපේක්ෂිතයන් විසින් jobseeker login ඔස්සේ මේ සඳහා ලියාපදිංචි විය හැකි අතර, ආයතනය මගින් පලකොට ඇති රැකියා ඇබෑර්තු සඳහා ඉල්ලුම් කිරීමේ පහසුකම සපයා තිබේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකතන අංක 0112 427119, 0112421724 සහ 0112 427164 යන දුරකතන අංක හරහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂිකා (කාර්මික සම්බන්ධතා) නදීකා අන්ද්‍රාහෙන්දි මහත්මිය ඇතුළු එම අංශයේ නිලධාරීන් සම්බන්ධ කර ගත හැකි බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 652