ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 75 කින් අඩු වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගම මගින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ගණන් අද දිනයේදී වෙනස් කිරීමට එම සමාගම පියවර ගත් බව වාර්තා වෙයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් සඳහා දන්වා තිබූ රුපියල් 2750 තවත් රුපියල් 75කින් අඩු කර රුපියල් 2,675ක මුදලකට ලබාදීමට එම සමාගම අද දිනයේදී තීරණය කර ඇත.

එසේම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල පෙර සඳහන් කර තිබූ රුපියල් 1101 තවත් රුපියල් 30කින් අඩු කර රුපියල් 1071ට ලබා දෙන බව පවසයි.

මීට අමතරව කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් සඳහා ඊයේ රාත්‍රියේ ප්‍රකාශිත මිලෙන් රුපියල් 14කින් අඩුකර එය රුපියල් 506ක මුදලකට ලබා දීමටත් ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව අද වනවිට වෙළෙඳ පොළ තුළ අඩුම ගෑස් මිල සහිත සමාගම බවට ලිට්‍රෝ ගෑස් පත්ව තිබේ. ලාෆ්ස් ගැස් සමාගමද සිය කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩර සඳහා රුපියල් 2,840ක සහ 1,136ක මිලක් අද පෙරවරුවේදී නියම කර තිබුණි.

ඒ අනුව ලාෆ්ස් සමාගමට වඩා ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල පිළිවෙලින් රුපියල් 165කින් සහ රුපියල් 65කින් මිල අඩුව තිබේ.

Visits: 106