යුනියන් කෙමිකල්ස් ලංකා රුපියල් 15 බැගින් පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත යුනියන් කෙමිකල්ස් ලංකා පීඑල්සී (UCAR.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කිරීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 15.00ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව යුනියන් කෙමිකල්ස් ලංකා සමාගම සඳහන් කරයි.

මෙය 2021 දෙසැම්බර් 25 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සැලකෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 29 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 22 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ කිසිදු අනුමැතියක් අවශ්‍ය නොවන බවත් යුනියන් කෙමිකල්ස් ලංකා පීඑල්සී සමාගම පවසයි.

අද දිනයේදී යුනියන් කෙමිකල්ස් ලංකා පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 799.50ක් ලෙස සටහන්ව තිබුණි.

මෙරට තීන්ත, රෙදිපිලි කර්මාන්තය වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය සහ ආනයනය කිරීම සිදු කරන සමාගමක් ලෙස යුනියන් කෙමිකල්ස් ලංකා පීඑල්සී සමාගම කටයුතු කරයි. එහි කොටස් හිමිකාරීත්වයෙන් 42.57%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන එච්.ඒ.ඩී.යූ.ජී. ගුණසේකර මහතාටය.

Visits: 203