ආයෝජකයින් දැනුවත් කිරීමට Ex-Pack වෙතින් සුවිශේෂී සැසියක් හෙට (ඔක්.12)

Ex-Pack Corrugated Cartons සමාගම සිදුකිරීමටඅපේක්‍ෂිත මූලික කොටස් නිකුතුව සඳහා දින කිහිපයක් ඉතිරිව තිබියදී, ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සඳහා විශේෂ සැසියක් සංවිධානය කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව 2021 ඔක්තෝබර් 12 වන දින පෙරවරු 10 සිට Zoom තාක්ෂණය ඔස්සේ මෙම සැසිය පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සැසිය මගින් ඊට සම්බන්ධ වන ආයෝජකයින්ට සහ අනෙකුත් පුද්ගලයින්ට මූලික කොටස් නිකුතුව (IPO) පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබා දීමට මෙන්ම, ඔවුන්ට ඇති ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කර ඒවා නිරාකරණය කරගැනීමේ අවස්ථාව ද උදාකර දෙයි.

කොරුගේටඩ් ඇසුරුම් (Corrugated Cartons) නිපදවීමෙහි මෙරට ප්‍රමුඛයා මෙන්ම ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගම සිදුකිරීමට නියමිත මෙම මූලික කොටස් නිකුතුවේ (IPO) දී එක් කොටසක් රුපියල් 8.40 බැගින් කොටස් 83,333,333 ක් ආයෝජකයන් වෙත මුදාහැරීමට නියමිතව තිබේ.

මේ හරහා සමාගම වෙළෙඳපොළ ප්‍රග්ධන අගය රුපියල් බිලියන 2.8ක් සහ රුපියල් මිලියන 700ක වර්ධනයක් අපේක්ෂා කරන අතර අති නවීන පහසුකම්වලින් යුත් කර්මාන්ත ශාලාවක් සඳහා රුපියල් බිලියන 3ක ආයෝජනය කිරීමටද එම සමාගම තීරණය කර ඇත.

Visits: 254