Daraz වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී ඔබේ නිවසට අරුම පුදුම තෑගි ගොන්නක්

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන Daraz සමඟ Daraz5 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ Diamond හවුල්කරුවෙකු ලෙස සහයෝගීතාවයකට පිවිස ඇතැයි පවසයි.

vivo, තරුණයින්ගේ තාක්ෂණය මත පදනම් වූ අවශ්‍යතා අවබෝධ කර ගනිමින්Daraz online store සමඟ සහයෝගයෙන් ‘Daraz Turns 5’ ව්‍යාපාරය දියත් කර ඇත. මෙමසහයෝගීතාවයමගින් දින 07ක් පුරා vivo පාරිභෝගිකයින් සඳහා ආකර්ෂණීය ත්‍යාග සහ දීමනා පිරිනමනු ඇත. ඒ අනුව මෙම සුවිශේෂී දීමනා සහිත ප්‍රවර්ධන වැඩසටහන 2021 ඔක්තෝබර් 7 සිට ඔක්තෝබර් 13 දක්වා ක්‍රියාත්මක වේ.

දින 7ක් පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය තුළදී Daraz.lk මගින් vivo හි ඉහළම කාණ්ඩය වන V ශ්‍රේණියේ සහ විනෝදාශ්වාදය ලබා දීමට වැඩි හැකියාවකින් යුතු Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමේදී earbuds, earphones, pen drives, vivo t-shirts, සහ caps  වැනි ඔබ පුදුමයට පත් කරවන ත්‍යාග දිනා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසාඇත. එපමණක් නොව මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ පවත්වනු ලබන තරඟවලට සහභාගී වී නවතම vivo ස්මාර්ට් ජංගම දුරකතනයක් දිනා ගැනීමට ද පාරිභෝගිකයින්ට ද අවස්ථාවක් හිමිවේ.

මෙහිදී  vivo විසින් මෑතකදී වෙළඳපොළට හඳුන්වා දුන් V ශ්‍රේණියේ  44MP OIS Night Selfie System එකකින් සමන්විත විචිත්‍රවත් හා ආකර්ශනීය  V21 5G දුරකථනය මෙන්ම 44MP Eye Autofocus Camera සහිත V21e ස්මාර්ට් ජංගම දුරකථනයද මිලදී ගත හැක. එලෙසම විශේෂාංග වලින් බහුල Y ශ්‍රේණියේ තරුණ්‍යයේ අවශ්‍යතාවයන් සපුරාලන Y1s, Y12s, Y20s සහ උපරිම පැහැදිලි ඡායාරූපකරණය සඳහා 64MP Rear Camera, 5000mAh බැටරිය සහ 33W FlashCharge ඇතුළත් නවතම Y53s දුරකථනයද මිලදී ගත හැක. Viewing experience ඉහළ නැංවීම සඳහා vivo Y1s ස්මාර්ට් ජංගම දුරකථනයේ  6.22-inch Halo FullView™ Display විශේෂාංගය මගින් බලසම්පන්න හැකියාවක් හිමිකර දෙයි. vivo Y12s හි 5000mAh බැටරිය සහ 3GB RAM ඔබට දිගු වෙලාවක් ආශ්වාදය ලැබීමේ අවස්ථාව උදා කරයි. එසේම G80 Gaming Processor එකකින් සමන්විත vivo Y20s වෙන කවරදාටත් වඩා gaming experience එකක් ලබා දෙයි. එසේම මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ බාධාවකින් තොරව ක්‍රියාකාරීත්වය උපරිම කිරීම සඳහා 4GB RAM සහ 128GB ROM වලින්ද සමන්විතය.

මෙම සුවිශේෂී හවුල්කාරිත්වය ගැන අදහස් දක්වමින් vivo ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ ඇලිසන් ජින් “පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් වශයෙන් පාරිභෝගික සේවාව ඉතාමත් වැදගත් වන බව vivo  නිරතුරුවම විශ්වාස කරනව. තාක්ෂණික නවෝත්පාදනයන්, ආකර්ෂණීය විලාසිතා, අද්විතීය වට්ටම්, තෑගි සහ සේවා පිරිනැමීමේදී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන් කෙරෙහි vivo සැමවිටම සොයා බැලීමට කැපවී සිටිනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රියතම online store එක වන Daraz සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳව vivo සතුටු වන අතර එමඟින් ගනුදෙනුකරුවන් වෙත vivo සන්නාමය තවත් සමීප කර පාරිභෝගික විශ්වාසය වර්ධනය කර ගැනීමට හැකි වන බව අප විශ්වාස කරනවා. එම නිසා Daraz  වෙතින් තෝරාගත් vivo ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීම පිළිබඳව අපගේ කෘතඥතාව පල කරමින් vivo සිය ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී තෑගි පිරිනමනු ලබනවා.” යනුවෙන් පවසයි.

මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය හරහා  vivo ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට ප්‍රමුඛ පෙළේ credit cards සඳහා සුවිශේෂී වවුචර සහ පහසු ගෙවීමේ සැලසුම් හිමි වීම තවත් සුවිශේෂී වාසියකි.මේපිළිබඳ වැඩි විස්තර DarazMall හිvivo Flagship Store සහvivo Sri Lanka Facebook පිටුවහරහා ඔබට ලබා ගත හැකිය.vivo Flagship Store වෙත පිවිසෙන්න : https://click.daraz.lk/e/_6fyYf

Visits: 85