නිවසේ ඇති බොහෝ ප්ලාස්ටික් භාණ්ඩ 100% ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බව ඔබ දැන සිටියාද?

PET ප්ලාස්ටික් (පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට්) යනු දැනට වෙළඳපොලේ ඇති වඩාත් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ඇසුරුම්කරණ ද්‍රව්‍යවලින් එකකි. PET හි ඇති කල් පැවැත්ම, ආරක්ෂාව, නම්‍යශීලීභාවය සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ හැකියාව හේතුවෙන් එය ඉහළ තිරසාරභාවයකින් යුක්තය. PET ඇසුරුම්කරණ යනු කසළ හෝ ඉවත දැමිය යුතු ද්‍රව්‍යයක් නොවන අතර එය සතුව මිල කළ නොහැකි වටිනාකමක් පවතී.

PET ප්ලාස්ටික්වල ඇති වටිනාකම පිළිබඳව අවබෝධ කරගත් ගත්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙක් වන ලක්ෂාන් මධුරසිංහ ශ‍්‍රී ලංකාව තුළ PET ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ කිරීමේ වැදගත්කම හා වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට දැඩි ආශාවකින් පසුවන්නෙකි.

2000 දශකය අග භාගයේදී, ඔහුගේ පෞද්ගලික ව්‍යාපාරය මෙරට විශාලතම PET  ප්ලාස්ටික් එකතුකරන ව්‍යාපාරය බවට පත් වූ අතර එහිදී එකතු කරගන්නා ලද PET ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා ඉන්දියාවට අපනයනය කරන ලදී.

නිවෙස්වලින් හමුවන වඩාත් සුලබ ප්ලාස්ටික් වර්ගයක් වන්නේ PET බවත් එය 100% ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි බවත් ලක්ෂාන් පවසයි. PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් නිර්මාණය කළ හැකි දේවල් පිළිබඳව සැලකීමේදී ඒවා වටිනා සම්පතක් ලෙස පෙන්වා දිය හැකිය. මෙරටදීම ඉකෝ ස්පින්ඞ්ල්ස් සමාගම (Eco Spindles Pvt.Ltd) විසින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ PET ප්ලාස්ටික් භාවිතා කර ඇඟළුම් සඳහා පොලියෙස්ටර් නූල් සහ බුරුසු සහ කොසුවල භාවිතා කරන මොනොෆිලමන්ට් වැනි වටිනාකම් එකතු කළ නිෂ්පාදන බවට ඒවා පරිවර්තනය කරයි.

‘‘ඔබගේ නිවසේදී හමුවන හෑන්ඞ් සැනිටයිසර්, සිසිල් බීම, පළතුරු යුෂ බෝතල්, යෝගට් පාන, මවුත් වොෂ්, හිසේ ආලේප කරන ජෙල් වර්ග දමා ඇති බහාලූම්, පොල්තෙල් බෝතල් සහ තවත් බොහෝ නිෂ්පාදන නිපදවා ඇත්තේ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි PET ප්ලාස්ටික් වලින්ය. අදාල නිෂ්පාදනයේ පතුලේ ත‍්‍රිකෝණාකාර ඊතල තුළ දක්නට ලැබෙන අංක 1 යනුවෙන් සඳහන් කර ඇති හඳුනා ගැනීමේ සංකේතයෙන් PET ප්ලාස්ටික් හඳුනා ගත හැකියි.’’ යනුවෙන් ලක්ෂාන් සඳහන් කළේය.

‘‘ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් ගැන දැන සිටීමෙන්, අප පරිසරයට සිදු කරන හානිය අවම කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. වර්තමානයේදී ශ‍්‍රී ලංකාවේ අලෙවි කරන සියලූම PET නිෂ්පාදනවලින් ආසන්න වශයෙන් 20% ක් ප‍්‍රතිචක‍්‍රීයකරණයට ලක් වනවා. PET අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කළ හොත් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා එකතු කරන ලද PET අපද්‍රව්‍ය වැඩි කරගැනීමට ඇති හැකියාව ඉතා ඉහළයි.’’ යනුවෙන් ලක්ෂාන් පැවසීය. අපගේ ගොඩබිම හා ජල මාර්ග අපවිත‍්‍ර කිරීමට හේතු වන ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට පරිභෝජනය කළ ප්ලාස්ටික් වෙන් කිරීම, එකතු කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

‘‘පවත්නා වසංගතය හේතුවෙන් හෑන්ඞ් සැනිටයිසර් ආකාරයේ PET ඇසුරුම් භාවිතා කිරීමේ විශාල වැඩි වීමක් අප දුටුවා. එමනිසා, අපගේ නිවෙස් වලින් හමුවන PET ප්ලාස්ටික් අප වෙන් කළ යුතු අතර, PET ඇසුරුම් පරිභෝජනය කිරීමෙන් පසු ඒවාට නව ජීවයක් ලබා දීම සඳහා ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන පද්ධතියට ඇතුළු වන බවට සහතික විය යුතුයි.’’ යනුවෙන් යැයි ලක්ෂාන් වැඩිදුරටත් පැවසුවේය.

ශ‍්‍රී ලංකාවේ 400+ කට වැඩි PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් සංඛ්‍යාවක් සිටී. ‘‘ඔබගේ කසළ නිසි පරිදි බැහැර කිරීමෙන් මෙම PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ ජීවනෝපායන් ඉහළ නැංවීමට ඔබට සහයෝගය ලබා දීමට හැකි වනු ඇත. ඔබගේ PET අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කළ හැකි ලෙස කසළ එකතු කිරීමේ බඳුන් සිය ගණනක් ශ‍්‍රී ලංකාව පුරා තිබෙන අතර ඉකෝ ස්පින්ඞ්ල්හි (Eco Spindles Pvt.Ltd) Waste2Value ඇප් එක මගින් ඔබට එම බඳුන් ඇති ස්ථාන හඳුනා ගැනීමට පුළුවන්. PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය හඳුනා ගැනීම, වෙන් කිරීම සහ බැහැර කිරීම තුළින් ශ‍්‍රී ලංකාවේ පරිසරය පිරිසිදුව තබා ගැනීමට, මීට සම්බන්ධ පුද්ගලයින්ගේ ජීවනෝපායන් නගා සිටුවීමට හා චක‍්‍රීය ආර්ථිකයකට දායකත්වය ලබා දීම සඳහා අපගේ යුතුකම ඉටු කිරීම අප සැමගේ වගකීමක්.’’ යනුවෙන් ලක්ෂාන් පැවසීය.

ලක්ෂාන් මේ වන විට කොකා-කෝලා සමාගමේ ශ්‍රී ලංකාව, මාලදිවයින, නේපාලය හා භූතානය සඳහා මහජන සබඳතා, සන්නිවේදන හා තිරසාරභාවය පිළිබඳ කලාපීය ප‍්‍රධානී වශයෙන් කටයුතු කරයි. මෙරට කොකා-කෝලා සමාගමේ ‘Give Back Life – නැවත ජීවයක් දෙමු’ යන වැඩසටහන යටතේ PET ප්ලාස්ටික් එකතු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා ඇති ඔහුගේ දැඩි ආශාව ඔහු අඛණ්ඩව සිදු කරගෙන යයි. ‘Give Back Life වැඩසටහන කොකාකෝලා සමාගමේ කසළවලින් තොර ලොවක් යන (World Without Waste) තේමාව වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරයි.

Visits: 138