Facebook බිඳවැටුණු පැය කිහිපයේදී Pornhub පරිශීලකයන් ඉහළ ගිහින්ලු

Facebook Inc. සමාගමට අයත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි හදිසියේම බිඳ වැටීමක් සිදු වුණු පසුගිය ඔක්තෝබර් 04 වැනිදා පැය කිහිපයක කාලය තුළදී වැඩිහිටියන්ට පමණක් වෙන් වූ වීඩියෝ දර්ශන ඇතුළත් Pornhub වෙබ් අඩවිය වෙත පිවිසුණු පරිශීලකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී පැය කිහිපයක් යන තුරුම ෆේස්බුක් ඇතුළු අනෙකුත් වෙබ් අඩවි බිඳ වැටීමට ලක් වූ අතර, එම කාලයේදී මෙම පරිශීලකයන්ට තවත් වෙබ් අඩවි වෙත යාමට අවස්ථාවක් හිමිවීම ඊට හේතුව බව පැවසෙයි.

ඒ අනුව මෙම කාලය තුළදී Pornhub වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයන් සංඛ්‍යාව 10.5%කින් ඉහළ ගොස් තිබේ. එය මෙම බිඳ වැටීම සිදු වුණු අවස්ථාවේදී පැයකට එම වෙබ් අඩවිය වෙත පිවිසෙන පරිශීලකයන් සංඛ්‍යාව අමතරව ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් වූ බව එම සමාගම පවසයි.

මේ අතර 2019 වසරේ මාර්තු මාසයේදීද ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි බිඳ වැටීමක් සිදු වූ අවස්ථාවේදීද මේ ආකාරයටම Pornhub වෙබ් අඩවිය වෙත පිවිසෙන පරිශීලකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණි.

මෙම බිඳ වැටීමත් සමගින්ම ෆේස්බුක් හිමිකරු සකර්බර්ග්ගේ වත්කමත් එක්සත් ජනපද ඩොලර් බිලියන 7කට ආසන්න අගයකින් පහත වැටුණි.

Visits: 348