දේශය පුරා 5G යෙදවීම තුළින් මලයාසියාවේ ඩිජිටල්කරණයට එරික්සන් දායක වෙයි

මලයාසියාව පුරා ඉදිරි පරපුරේ ගුවන් විදුලි සෙලියුලර් තාක්ෂණය යෙදවීම සඳහා එරික්සන් (NASDAQ: ERIC) හා ඩිජිටල් නැසියොනල් බර්හාඩ් (DNB) අතර දස වසරක 5G හවුල් ගිවිසුම හේතුවෙන් මුළු මලයාසියාවත් එහි ආර්ථිකයත් ප්‍රතිලාභ ලබා ගැනීමට සුදානමින් සිටින බව පවසයි.

5G යෙදවීමෙන් ලැබෙන අධිවේගය සහ දත්ත විශාල ප්‍රමාණයක් පරිහරණය කිරීමේ හැකියාව තුළින් දේශයම ඩිජිටල් පරිනාමයකට ලක් වෙයි. නිර්මාපිත බුද්ධිය (AI), වැඩි දියුණු කළ යථාර්ථය (AR), අතථ්‍ය යථාර්ථය (VR), සහ ව්‍යාපාර, කර්මාන්ත සහ බහු ක්ෂේත්‍ර IoT භාවිතයන් පරාසයක් පුරා ස්වයංක්‍රීයකරණය සඳහා නිර්මාණාත්මකකම බල ගන්වන 5G පරිසර පද්ධතියක් ඒ හා සමගම ස්ථාපිත වේ.

5G තුළ අන්තර්ගත හැකියාවන් යොදා ගනිමින් මලයාසියාවේ 5G ජාලය හා පරිසර පද්ධතිය යෙදවීම වේගවත් කිරීම තුළින් ජංගම සේවා සපයන්නන්ට හා අධිකාරීන් විසින් බලපත්‍ර දානය කරන ලද වෙනත් අයට, මලයාසියාවේ ගෝලීය මට්ටමේ 5G අත්දැකීමක් ඇති කර කර්මාන්ත ස්වයංක්‍රීයකරණය යතාර්ථයක් බවට පත් කිරීම සඳහා DNB විසින් අවකාශ ලබා දෙයි.

DNB ප්‍රධාන විධායක නිලධාරී, රැලෆ් මාශල් මෙසේ පවසයි: “ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ ඉදිරියෙන් මලයාසියාව පිහිටුවීම සහතික කිරීම සඳහා මලයසියානුවන්ට, ව්‍යාපාර වලට සහ රජයට ඉහළම තාක්‍ෂණය හා නිර්මානාත්මක අවස්ථා සැපයීමට DNB කැපවී සිටිනවා. DNB සඳහා විශේෂිතවූ හා ආවේනික අවශ්‍යතා සපුරාලීම සඳහා උසස්ම තත්‍ත්වයේ ඉදිරි පරපුරේ 5G තාක්‍ෂණය හා වෘත්තීයමය සේවා සැපයීම සඳහා අපි එරික්සන් හඳුනා ගත්තා.”

ජාතික 5G ව්‍යාපෘතිය සඳහා එරික්සන් හවුල් වීමෙන් රැකියා උත්පාදනය, භූමිපුත්‍ර සහ වෙනත් කොන්ත්‍රාත්කරුවන් හා පරිසර පද්ධති ක්‍රියාකරුවන් හා සමග හවුල්වීම්, සහ දැනුම හා ධාරිතාව වැඩි දියුණු කිරීම් යන අංශ වල මලයාසියාවේ සෘජු හා වක්‍ර සමාජ ආර්ථික ප්‍රතිලාභ දකින්නට හැකි වනු ඇත.

එරික්සන් මලයාසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සඳහා ප්‍රධානී ඩේවිඩ් හෑගෙර්බෘ මෙසේ පවසයි: “විවෘත නව්‍යකරණය සඳහා තනා ඇති 5G, රටක තරඟකාරීත්වය ගොඩනැංවීම සඳහා මුල් ගල වෙමින් පවතී. දේශීය වශෙයෙන් 5G පරිහරණය වේගවත් කර, රටේ ඩිජිටල් පරතරය මකා, ඉන් රට පරිනාමයකට ලක් වන නිසා, 5G යොදා ගැනීම වේගවත් කිරීම පිළිබඳව මලයාසියාව හා DNB දක්වන කැපවීම ප්‍රශංසනීයයි. 5G මුර්දුකාංග හා යෙදෙවීම් නිපදවීම තුළින් මලයාසියානුවන් තාක්ෂණික නිර්මාණකරුවන් කිරීමේ රජයේ පරමාර්ථය සඳහා 5G තුළින් පහසුකම් සැළසේ.”

“මලයාසියාවේ සංවර්ධනයට දායකවීමේ වසර 56ක ඉතිහාසයක් ඇති අපට එම දේශයට තව දුරටත් කැපවීමේ අවස්ථාව පිළිබඳව ඉතා සතුටින් බලාපොරොත්තුවී සිටිනවා. 5G පිලිබඳව අපගේ ගෝලීය නායකත්වය සහ යෙදවීම පිළිබඳව ඇති ශක්තිය හේතුවෙන් DNB විසින් යෙදවීම සඳහා සටහන් කර ඇති ඉලක්ක එරික්සන් විසින් සපුරාලන බව අපට නිසැකයි,” යනුවෙන් ඔහු තව දුරටත් පවසයි.

DNB හා එරික්‌සන් අතර මේ විශේෂිත හවුල් ගිවිසුම තුළින් එරික්‌සන් තරංග මාලා බෙදා ගැනීම ඇතුළු බලශක්ති කාර්යක්ෂම එරික්සන් රේඩියෝ පද්ධතියේ (පුළුල් පරාසයක 5G ආවරණය සඳහා මෘදුකාංගයක්) නිපැයුම් හා විසඳුම් ලබාදීම ද ඇතුළු වේ.

මෙම ගිවිසුමේ සැපයුම් පරාසය තුළ 5G මධ්‍යය හා දේශය පුරා 5G ගුවන් විදුලි ප්‍රවේශය (RAN) ද අඩංගු වේ. තනි තොග ජාලයකට ආවේනික අවශ්‍යතා ද, එරික්සන් සතු ප්‍රමුඛ කළමනාකරණය කරන ලද සේවා නිපැයුමේ එරික්සන් මෙහෙයුම් එන්ජිම යොදා කළමනාකරණය කරනු ලැබේ. නිර්මාපිත බුද්ධිය (AI), ස්වයංක්‍රීයකරණය හා සංජානනීය මෘදුකාංග යොදා ගනිමින් මෙම විසඳුම තුළින් DNB ජාලය තුළ ඇතිවන ගැටළු පුරෝකථනය කර ඒවා වළක්වනු ලැබේ.

මෙහෙයුම් ආධාරක සේවා (OSS) සහ ව්‍යාපාරික ආධාරක සේවා (BSS) විසඳුම්ද එරික්සන් මුල-සිට-අග-දක්වා සැපයුම් පරාසය තුළ අඩංගු වේ.

රජයේ මයි ඩිජිටල් සැලස්මට (MyDIGITAL) අනුව මලයාසියාව ඩිජිටල් තාක්ෂණයෙන් දිවෙන, ඉහළ ආදායම්ලාභී හා දත්ත වලින් ද, සයිබර් ආර්ක්ෂණයෙන් හා ඩිජිටල් ආර්ථිකයෙන් ද නායකත්වය දරණ, දකුණු ආසියානු කලාපයේ රටක් ලෙසට පරිවර්තනය කිරීම තම අභිලාශය වේ. මෙම ඩිජිටල් අභිලාෂය ජයගැනීම සඳහා උපකාරී වීම භාර කර ඇත්තේ DNB ආයතනයටයි.

සෑම මලයාසියානුවෙකුටම ඉහළ තත්ත්වයේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගැනීමට හැකිවනු සඳහා, ජලිනන් ඩිජිටල් නෙගේරා (Jendela) යන ජාතික ඩිජිටල් යටිතල පහසුකම් සැලැස්මට අනුව ජාතික ජංගම දුරකථන ජාලය නවීකරණය කිරීම සඳහා ද, DNB උපකාරී වේ.

මලයාසියාවේ ප්‍රථම අදියරේ 5G ජාලය ක්වාලා ලුම්පුර්, පුත්‍රජයා හා සයිබර්ජයා අතර දියත් කිරීමට DNB බලාපොරොත්තු වෙයි. 2024 වන විට රටේ ජනගහනයෙන් 80%කට 5G ආවරණය ලබා දීමේ DNB ඉලක්කය සපුරාලීම සඳහා එරික්සන්හි දේශීයව පිහිටීමත්, ස්ථාපිත කිරීමේ ප්‍රවීණතාවත් ප්‍රධාන සාධක වේ.

අද වන විට රටවල් 46ක් හරහා 5G ජාල 97ක් සජීවීව ක්‍රියාත්මක කර එරික්සන් ගෝලීය නායකත්වයක් දරන බවත් පවසයි.

Visits: 67