OPPO මෙවර League of Legends ලෝක ශූරතාව සඳහා Riot Games සමග අත්වැල් බැඳගනී

ලොව තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සන්නාමයක් වන OPPO, 2021 League of Legends ලෝක ශූරතාවට අනුග‍්‍රාහකත්වය ලබාදීම සඳහා Riot Games සමග හවුල්කාරීත්වයකට එළඹී ඇතැයි නිවේදනය කර සිටියි.

ඒ අනුව OPPO මෙවර League of Legends ලෝක ශූරතාවලියේ ‘වටිනාම ක්‍රීඩකයන්’සඳහා වන සම්මාන පිරිනමනු ඇත. එමෙන්ම තරගාවලියේ විශේෂ අවස්ථා සහ, ක‍්‍රීඩකයන් හා කණ්ඩායම් සමග සිදුකරන සම්මුඛ සාකච්ඡා විකාශය කිරීමටද OPPO සැලසුම් කර තිබේ. මෙය 2019 වසරේදී Riot Games සමග OPPO අත්සන් තැබූ බහු-වාර්ෂික ගිවිසුමේ එක් අදියරකි.

“Riot Gamesසමග අප ඇතිකරගත් හවුල්කාරීත්වයේ තවත් පියවරක් ඉදිරියට තැබීමට හැකිවීම අපට සතුටක්. ලොව පුරා විද්‍යුත් ක‍්‍රීඩා ලෝලීන්ගේ හදවත් වලට තවදුරටත් සමීප වීමට League of Legends අපට අවස්ථාව සලසා දෙනවා.” OPPO උප සභාපති සහ ගෝලීය අලෙවිකරණ සභාපති විලියම් ලියු මහතා පැවසී ය.

“මෙම තරගාවලියට අනුග‍්‍රාහකත්වය ලබාදුන් ප‍්‍රථම ස්මාර්ට්ෆෝන් හවුල්කරු ලෙස OPPO දැනටමත් ලොව පුරා විද්‍යුත් ක‍්‍රීඩා ලෝලීන්ගේ විශාල පිරිසකගේ අවධානයකට ලක්වී තිබෙනවා. මෙවර අවසන් තරගය වර්ණවත් කිරීමට OPPO දක්වන දායකත්වය දෙස අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.” Riot Games හි ගෝලීය විද්‍යුත් ක‍්‍රීඩා ප‍්‍රධානී ජෝන් නීඩම් මහතා පැවසී ය.

“Make/Break”යන තේමාව යටතේ මෙවර League of Legends ලෝක ශූරතාවේ අවසන් තරගය පැවැත්වේ. OPPO Find X දුරකථන මාලාවේ සාර්ථකත්වයට පෙරළිකාරී ලෙස දායක වූ, වර්ණ බිලියනයකට අධික සංඛ්‍යාවක් දර්ශනය කරවීමේ හැකියාව සහිත Find X3 Pro මාදිලියද එම තේමාවෙහි හරය නිරූපණය කරන්නකි. ColorOS 11.2 මෙහෙයුම් පද්ධතියේ කොටසක් වන Color Vision Enhancement තාක්ෂණය ඇතුළු සුවිශේෂී අංග රාශියක් ඊට ඇතුළත් ය.

ජංගම දුරකථන භාවිතා කරමින් විද්‍යුත් ක‍්‍රීඩා වල නිරත වන්නන්ගේ අපේක්ෂාවන් මොනවාද යන්න හොඳින් හඳුනාගෙන, ඒ අනුව ColorOS හි Gaming Mode ඔස්සේ ඔවුන්ට විශිෂ්ටතම අත්දැකීමක් ලබාදීමට OPPO කටයුතු කර ඇත. Gaming Modeහිදී notifications, messages, හෝ ඇමතුම් වලින් බාධාවක් නොවී ඔවුන්ට ක‍්‍රීඩාවේ නිරත විය හැකි වේ.

2021 League of Legends ලෝක ශූරතාව 2021 ඔක්තෝබර් 05 දින ආරම්භ වන අතර, එහි අවසන් මහා තරගය 2021 නොවැම්බර් 06 දින අයිස්ලන්තයේ Engjavegur 8, 104 Reykjavik හිදී පැවැත්වීමට නියමිත ය. මෙම තරගාවලියට රටවල් හා කලාප 11 ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වෙයි. ඉදිරියේදී ක‍්‍රීඩා ලෝකයේ තවත් පාර්ශ්වකරුවන් රැසක් සමග මෙබඳු හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමට OPPO අපේක්ෂා කරයි.

Visits: 34