COVID-19 හමුවේ ක්‍රියාකාරීත්වය උදෙසා මහජන බැංකුව ADB TSCFP 2021 හීදි සම්මානයට පාත්‍ර වෙයි

ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපාර සහ සැපයුම් මූල්‍ය වැඩසටහන 2021 සම්මාන උළෙලේදී (Trade and Supply finance Program Awards 2021) මහජන බැංකුව, ‘කොවිඞ් 19 වසංගතය හමුවේ ඉහළින්ම කි‍්‍රයාත්මක වූ බැංකුව ලෙස  (Most Responsive Bank against Covid -19) ලෙස සම්මානයට පාත‍්‍රා වී ඇතැයි පවසයි.

මෙම සම්මාන උළෙලේදී ආසියා සංවර්ධන බැංකුවේ ප‍්‍රධානතම හවුල්කාර බැංකු ඇගයීමට ලක් කෙරෙන අතර, ආසියාවේ ප‍්‍රමුඛතම බැංකු සිය ගණනක් අතරින් ඉහත සඳහන් කළ කාණ්ඩයට අදාළ ජයග‍්‍රාහකයා තෝරාගැනේ. අදාළ ගනුදෙනුව මඟින් රටට සිදු වූ ඵලදායී බලපෑම කවරේද, එමගින් ගනුදෙනුකරුට සිය ව්‍යාපාරය සංවර්ධනය කරගැනීමට ලැබුණු අත්වැල කෙසේද සහ ගනුදෙනුව සාර්ථක වීම සඳහා ව්‍යාපාර සහ සැපයුම් මූල්‍ය වැඩසටහන ම`ගින් කෙබ`දු දායකත්වයක් ලැබුණේද යනාදී කරුණු සලකා බලා සිදුකරන ස්වාධීන ඇගයීමකින් මෙම සම්මානය පිරිනැමීම විශේෂත්වයකි.

ව්‍යාපාර සහ සැපයුම් මූල්‍ය වැඩසටහන ම`ගින් බැංකුවලට ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා වගකීමේ සහතික සහ ණය සපයනු ලැබේ. ආසියානු සංවර්ධන බැංකුවේ AAA ණය ශ්‍රේණිගත කිරීම සහිත මෙම වැඩසටහන, ආනයන අපනයන ක‍්‍රියාකාරකම් සඳහා සමාගම්වලට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා ආසියාවේ හවුල්කාර බැංකු 200කට වැඩි ප‍්‍රමාණයක් සම`ග කටයුතු කරයි. 2009 වසරේ සිට ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ මූල්‍ය වැඩසටහන (TFP) මඟින් සංවර්ධනය වෙමින් පවතින ආසියාවේ වෙළඳ සැපයුම් සහ ප‍්‍රාග්ධන භාණ්ඩවල සිට වෛද්‍ය සැපයුම් සහ පාරිභෝගික භාණ්ඩ දක්වා වූ ක්ෂේත‍්‍ර ඇතුළත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 12,000 කට වැඩි සංඛ්‍යාවකට සහාය දක්වා තිබේ.

දිවයින පුරා පුළුල්තම ශාඛා ජාලයක් සහිත මෙරට ඩිජිටල් බැංකුකරණයේ ප‍්‍රමුඛයා වන මහජන බැංකුව, කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ පෑමට සිදුවූ අභියෝග රාශියක් මධ්‍යයේ වුවද සිය ගනුදෙනුකරුවන්ට ලොව පුරා ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දෙමින් ශ‍්‍රී ලංකාව වෙත වෙළඳ මාවත් විවර කරනු ලැබීය. වසංගත තත්ත්වය උග‍්‍රව පැවති කාලසීමාවේදී අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය කිරීම සඳහා සිදු කරන ලද ගනුදෙනුවක් වෙනුවෙන් පිරිනැමුණු මෙම විශේෂ සම්මානය තුළින් මහජන බැංකුව ජාතිය වෙනුවෙන් ඉටු කෙරෙන ප‍්‍රමුඛතම සේවාව යළිත් වරක් තහවුරු කරයි.

මෙම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා  ර්‍ණමෙම ජයග‍්‍රහණය හුදු ලාභ අපේක්ෂාවෙන් ඔබ්බට යමින් රටට අවශ්‍ය මොහොතේ සේවාවන් සැපයීම සඳහා මහජන බැංකුවේ ඇති නොසැලෙන කැපවීම තහවුරු කළ තවත් එක් අවස්ථාවක්. වසංගත තත්ත්වය මැඩපවත්වමින් අපේ රට නැවත යථා තත්ත්වයට ගෙන ඒම සඳහා අප ගත් උත්සාහය සාර්ථක වෙමින් අපේක්ෂා කළ ප‍්‍රතිඵල ලැබෙනු දැකීම තුළින් සැබැවින්ම අපි ඉතාමත් සතුටට පත් වෙනවා.” යනුවෙන් පවසයි.

මහජන බැංකුව වෙත හිමි වූ මෙම ජාත්‍යන්තර සම්මානය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එහි ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා, “රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින අවස්ථාවක අපගේ මට්ටමේ බැංකුවකින් ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳව අපි හො`දින් අවබෝධ කරගෙන සිටිනවා. අපි මුහුණ දී සිටි අභියෝග රාශියක් මධ්‍යයේ වුවද බාධාවකින් තොරව අපගේ බැංකු සේවාවන් පිරිනැමීම සඳහා අපගේ කණ්ඩායමේ සියලූම දෙනා වෙහෙස නොබලා කටයුතු කළේ ඒ නිසයි. අපගේ කණ්ඩායමේ මෙම උත්සාහයට නිසි ඇගයීමක් ලැබීම සම්බන්ධයෙන් අපි ඇත්තෙන්ම සතුටු වෙනවා.” යනුවෙන් පවසයි.

Visits: 51