Fortress පරදී බ්‍රිතාන්‍යයේ Morrisons සුපිරි වෙළෙඳ සැල් ජාලය CD & R අතට

බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය සුපිරි වෙළෙඳ සැල් ජාලයක් වන Morrisons හි නව හිමිකරුවා බවට පත්වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආයෝජන සමාගමක් වන Clayton, Dubilier & Rice (CD&R) සමාගම සමත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී එම වෙළෙඳ සැල් ජාලය හිමි කරගැනීම සඳහා උත්සාහ කළ තවත් ඇමෙරිකානු ආයෝජන සමාගමක් වන Fortress පරාජයට පත් කරමින් CD&R මෙම අත්පත් කරගැනීම සිදු කර ඇත.

Morrisons සුපිරි වෙළෙඳ සැල අද වනවිට බ්‍රිතාන්‍යයේ සිව්වැනි විශාලතම සුපිරි වෙළෙඳ සැල් සමූහය ලෙසින්ද සැලකෙයි. මාස ගණනක ලංසු තැබීම්, ලංසු ප්‍රතික්ෂේපවීම් ඇතුළු අවස්ථා රැසකින් අනතුරුව ඊයේ දිනයේදී මෙම අත්පත් කරගැනීම සඳහා වන අවසන් ලංසු තැබීම පැවැත්වුණි.

එහිදී CD&R සමාගම Morrisons සමාගමේ කොටසක් සඳහා ශත 287ක ලංසුවක් තබා තිබේ. එහෙත් Fortress මෙහිදී ඉදිරිපත් කර ඇත්තේ කොටසකස ශත 286ක ලංසුවකි. ඒ අනුව මෙම ජයග්‍රාහී ලංසුවේ සමස්ත වටිනාකම ආසන්න වශයෙන් පවුම් බිලියන 7ක් පමණ වනු ඇතැයි පැවසෙයි.

මෙමෙලස Fortress පරාජයට පත් කරමින් CD&R මගින් Morrisons අත්පත් කරගැනීම පිටුපස එරට විශාලතම සුපිරි වෙළෙදසැල් ජාලය වන Tesco හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන ටෙරි ලේහි සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහු අදවනවිට CD&R සමාගමේ ජ්‍යෙෂ්ඨතම උපදේශකවරයාද වෙයි.

Visits: 150