“දිනකට මිනිත්තු 10ක් වත් තමන් තුළ සිටින දරුවා අවදි කරන්න” – ලෝක ළමා දිනයට සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් දෙමව්පියන්ට ඇරයුමක්

2021 වසරේ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් තමන්ට මෙන්ම තම දරුවන්ටත් මානසික සුවතාවය ගොඩනැගීමෙහිලා දෙමවුපියන් වන ඔබ තුළ සිටින දරුවා පුංචි මොහොතකට හෝ අවදි කරන්නැයි මෙරට හොඳම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සුවහසක් දෙමව්පියන්ට ඇරයුම් කර සිටියි.

සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙත උසස් ජීවන තත්වයක් උදා කරලීම සඳහා කැපවූ සහ මිලියන 1.5කට අධික ශ්‍රී ලාංකික ජීවිත සඳහා ආරක්ෂාව සලසන සන්නාමයක් ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ්  අභියෝගාත්මකව ගෙවන මේ අසීරු කාලයේ සිය පාරිභෝගිකයන්ට මෙන්ම සමාජයේ සියලුම දෙනාට තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන ගමන් මානසික සුවය පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්නුම් කිරීම ඔවුන්ගේ වගකීම ලෙස දකින බවත් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපදේශන මනෝ විද්‍යාඥ අවන්ති ජයසිංහ මහත්මිය පවසන්නේ දෙමව්පියන් හා දරුවන් මුහුණදෙන මෙම මනෝ සාමාජීය (psychosocial) අභියෝග ජය ගැනීම සඳහා එක් විශේෂිත ක‍්‍රමයක් නොමැති බවයි. හැබැයි දෙමවුපියන් විසින් සිදු කරන සමහර පුංචි පුංචි දේවල් වලින් මෙයට විසඳුමක් ගෙන ආ හැකි බවකි.

එහි එක් පියවරක් ලෙස, ඕනෑම පුද්ගලයකුගේ (විශේෂයෙන්ම දෙමවුපියන්ගේ) අභ්‍යන්තරය තුළ සිටින දරුවා අවම වශයෙන් දිනකට එක් වරක්වත් අවදි කරන්න කටයුතු කටයුතු කිරීම නිවස තුළ යහපත් ධනාත්මක පරිසරයක් නිර්මාණය කිරීමට හැකි බව ඇය පෙන්වා දෙයි. මෙහි ඇති වඩාත් ආකර්ෂණීය කරුණ වන්නේ පුද්ගලයකුගේ අභ්‍යන්තරයේ සිටින දරුවා යනු මනෝ මූලික සංකල්පයක් (psychotherapeutic concept) වීමයි.

ස්ව්ස්ටර්ලන්ත ජාතික මනෝ විද්‍යාඥයකු වන කාර්ල් යුන්ග් විසින් සිදු කළ පර්යේෂණයක ප‍්‍රතිපලයක් ලෙස ජනතාව අතරට ගෙන ගිය මෙම සංකල්පය ඔහු සිය සේවාදායකයින් සුවපත් කිරීමටද යොදා ගන්නා ලදී.

මෙම සංකල්පය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවන්ති ජයසිංහ මහත්මිය සඳහන් කර සිටියේ ‘‘අප සියලූ දෙනා එක් කාලයක ළමයින් ලෙස සිටියා. මේ අභ්‍යන්තර දරුවා යනුවෙන් අදහස් කරන්නේ එක් එක් පුද්ගලයාගේ සැබෑ ස්වරුපයයි. දරුවකු ලෙස ඔබ කලක් දවස පුරා ඔබේ මිතුරන් සමඟ  බට්ටා පනින්නට ඇති. එසේත් නැත්නම් පොල් කොළවලින් ඔටුණු සාදාගෙන ක‍්‍රීඩා කරන්නට ඇති. ඔබ වගකිවයුතු වැඩිහිටියකු බවට පත්වන විටත් ඒවා කිසි දිනක ඔබෙන් ඈත්ව නොයමින් සදාතනිකව එය ඔබේ අභ්‍යන්තරය තුළ ජීවත් වනවා. අනෙකුත් අය සමඟ හොඳ, ශක්තිමත් සබඳතාවයන් ගොඩනැගීමේ පදනම වන්නේත්, ආදරය, විශ්වාසය සහ සුරක්ෂිතතාව පිළිබඳව අප ගන්න තීරණ වලට පදනම් වන්නේත් එම අභ්‍යන්තරයේ සිටින දරුවායි.

දෙමව්පියන් දිනකට අවම වශයෙන් මිනිත්තු 10ක් වත් ඔවුන් තුළ සිටින දරුවා අවදි කරමින්, ඔවුන්ට සතුට ගෙන දෙන ක‍්‍රියාවක් මගින් ඔවුන්ගෙ ළමා කාලය නැවත නැවතත් තම දරුවන් සමග විඳීමෙන් මෙම අසීරු කාලයේ ඔවුන් මුහුණ දෙමින් සිටින අභියෝග තුළින් පැන නැගුණු මානසික ආතති තත්වයෙන් නිදහස් වීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

මෙමගින් දෙමාපියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වන අතර, තම දරුවන්ව හොඳින් තේරුම් ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා නිවැරදි ලෙස හඳුනා ගැනීමටත්, තාක්ෂණික මෙවලම් හා බැඳුනු දරුවන්ගේ ලෝකයෙන් ඔවුන්ට විරාමයක් ලබාදීමටත් දෙමවුපියන්ට අවස්ථාව සැලසෙනවා. තවද, තමා තුළ සිටින දරුවා අවදි කරමින් සතුටු වන දෙමාපියෙකුට, තම දරුවාගේ මනෝ විද්‍යාත්මක අවශ්‍යතාවයන් හඳුනාගන්න ඊට අනුගත වීමටත්, තම දරුවන්ට සාවධානයෙන් සවන් දීමෙන් ඔවුන්ව අවබෝධ කර ගැනීමටත් මනා හැකියාවක් ඇති වෙනවා.” ඇය පවසයි.

ක‍්‍රීඩාවල නිරත වීම් හා එකිනෙකා අතර තිබෙන සම්බන්ධතා අඩු මේ කාලයේදී දෙමාපියන් ලෙස ළමා කාලයේ ඔබ සිදු කළ ක‍්‍රියාවන් තුළින් විනෝදජනක, ප‍්‍රීතිමත් මනෝ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ඔබ නිර්මාණාත්මකව සිතුවොත්ල පුංචි සරල දේවල් ඔබේ නිවාස ආශ‍්‍රිතවම සලසා ගත හැක. සෙල්ලම් ගෙවල්, සෙල්ලම් බත් ඉවීම, රෙදි හෝ කඹ ඔන්චිල්ලාවක් සකසා ගැනීම, කොට්ටාවලින් සටන් කිරීම, බට්ටා පැනීම ,කුරුම්බැට්ටි මැෂින් සෑදීම වැනි දේ මෙම ක‍්‍රියාවන් අතරට ඇතුළත් විය හැකිය.

එම නිසා මෙවර ලෝක ළමා දිනයේදී නිවාස තුළ ඵලදායී යහපත් වටා පිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අවම වශයෙන් දවසට මිනිත්තු 10ක් වත් තමා තුළ සිටින දරුවා අවදි කරන ලෙසට සොෆ්ට්ලොජික් ලයිෆ් සියලූම දෙමාපියන්ට ආරාධනා කර සිටිනවා.

මන්දයත් සමාජයේ විවිධ පුද්ගලයින් සමඟ නිරතුරුව මානසික වශයෙන් සමීපව කටයුතු කිරීම (Psychological Connectedness), දෙමාපියන්ගේත් දරුවන්ගේත් මානසික පැවැත්ම හා තෘප්තිමත් බව ඉහළ නංවා ගැනීමට සුවිශාල වශයෙන් උපකාරී වන බව දැක්විය හැකියි. එය මනෝ විද්‍යාත්මක වශයෙන් (Psychological) පමණක් නොව, භෞතික (Physical) සහ සංජානනමය (cognitive) වශයෙන් ද ඉතාමත් වැදගත් වේ.

අප වැඩිහිටියන් ලෙස පෙනිසිටියත්, අප තුල සිටින දරුවා අදටත් අපි සියල්ලන්ගේම සුවිශේෂී කොටසක්, එය බොහෝ විට අප නොදැනුවත්වම අපේ ජිවිතයට ලොකු ශක්තියක් වන්නේය. රාජකාරිවලින් පිරුණු මෙම කාර්යබහුල ජිවිතය අප තුළ ඇති උද්යෝගය ඉහල තලයක තබා ගැනීමට අභියෝගයක් විය හැකි අතර තම අභ්‍යන්තරයේ සිටින දරුවා අවදි කිරීම තුලින් ලෝකය දිහා නැවුම් මුහුණුවරකින් බැලීමටත් අලුත් බලාපොරොත්තු එක්වූ ශක්තිමත් වූ මානසිකත්වයක් සමග ජීවිතය ඉදිරියට ගෙනයාමට අනිවාර්යයෙන්ම ලොකු පිටුවහලක් වන බව නිසැකයි.

Visits: 43