තිලංග සුමතිපාල ඒෂියා කැපිටල් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය තිලංග සුමතිපාල මහතා ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇතැයි පවසයි.

ඊයේ (සැප්තැම්බර් 29 දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ. එහිදී ඒ මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට තිලංග සුමතිපාල මහතා සතුව ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම සඳහන් කරයි.

වසර ගණනාවක් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල මහතා වරක් පාර්ලිමේන්තුවේ කතානායක ධුරයද හෙබවීය. එසේම ඒ මහතා අමාත්‍යවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

අද වනවිට ආචාර්ය තිලංග සුමතිපාල මහතා සුමති වෙන්චර්ස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. මීට පෙරඒ මහතා ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් සමාගමේ සභාපතිවරයා ලෙසද ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද ධුර දරා තිබේ.

ආචාර්ය තිලංග සුමතිපාල මහතා සතුව රාජ්‍ය පරිපාලනය සහ ව්‍යාපාර පරිපාලනය හා කළමනාකරණය පිළිබඳව එක්සත් ජනපද, චීන සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලින් උපාධි හිමිකරගෙන ඇතැයිද ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම සඳහන් කරයි.

Visits: 218