EML Consultants කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඇරඹීම අද පෙරවරු 10.45ට සජීවීව

කොළඹ කොටස් හුවමාරුවෙහි EMPOWER පුවරුවෙහි ලැයිස්තුගත වන දෙවැනි සමාගම ලෙස EML Consultants සමාගම අද දිනයේදී සිය ගනුදෙනු ආරම්භ කිරීමට සූදානමින් සිටියි.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අන්තර්ජාලය හරහා සංවිධානය කෙරෙන විශේෂිත සීනු නාද කිරීමේ අවස්ථාවක් පැවැත්වීමටත් කොළඹ කොටස් හුවමාරුව කටයුතු යොදා තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.45ට කොළඹ කොටස් හුවමාරුවෙහි ෆේස්බුක් පිටුව සහ යූටියුබ් නාලිකාව හරහා මෙම අවස්ථාව සජීවීව විකාශය කෙරෙන බවත් සඳහන් වෙයි.

https://youtu.be/5r1Cxm_OrHg යන වෙබ් ලිපිනය හරහා මෙම අවස්ථාව වෙත සම්බන්ධ විය හැකිය.

මෙහිදී EML Consultant Limited සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 90.9ක් (90,900,000ක්) ලැයිස්තුගත කිරිමට සූදානමින් සිටියි. මෙහිදී එක් කොටසක් රුපියල් 2 බැගින් මිල කෙරී ඇතැයිද සඳහන් වෙයි.

EML-N-0000 යන කේතය යටතේ EML Consultant Limited කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සිදු වෙයි.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා මෙම EMPOWER පුවරුව ඉදිරිපත් කර තිබේ. එම පුවරුවෙහි ලැයිස්තුගත වූ පළමු සමාගම ලෙස Chrisworld Limted සමාගම දැනට මාස කිහිපයකට පෙර සිය කොටස් ලැයිස්තුගත කිරීමක් සිදු විය.

කොළඹ කොටස් හුවමාරුව මගින් පසුගියදා EML Consultant Limited සඳහාද සිය කොටස් එම පුවරුවෙහි ලැයිස්තුගත කිරීම සඳහා වන අනුමැතිය ලබා දී තිබේ.

Visits: 534