Samsung Galaxy A03s වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් සිය නවතම Galaxy A03s වෙළෙඳපොලට හඳුන්වා දී ඇතැයි පවසයි.

සැම්සුන් Galaxy A Series මෙම නවතම, Galaxy A03s smartphone එක අඟල් 6.5” Infinity-V display” 13 MP, 13 ඵඡු පසුපස ත‍්‍රිත්ව කැමරාව, අධිබල 5000mAh බැටරිය, ප‍්‍රබල Octa-core MediaTek P35 ප්‍රොසෙසරය, side fingerprint sensor, haze හා matt යන පැහැයෙන් යුතු ආකර්ෂණීය පෙනුම සහ තවත් බොහෝ විශේෂාංගයන්ගෙන්ද සමන්විත නවතම නිෂ්පාදනයක් ලෙස සඳහන් කළ හැකිය. 

ත‍්‍රිත්ව කැමරාවකින් සමන්විත Galaxy A03s මගින් ඔබට තියුණු හා පැහැදිලි ඡුායාරූප ලබා ගැනීමට හැකියාව ලැබේ. Galaxy A03s හි පිටුපස ඇති 13MP ප‍්‍රධාන කැමරාව මගින් දවසේ ඕනෑම වේලාවක සුපැහැදිලි ඡුායාරූප ලබා ගැනීමේ පහසුව අත්කර දෙන අතරම 2MP macro lens මගින් සියුම් ලක්ෂණ ග‍්‍රහණය කරගත හැකි සමීප ඡුායාරූප ඔබ වෙත ගෙන එනු ලබයි. 2MP depth camera මගින් ඉතා අලංකාර ඇදහිය නොහැකි ආකාරයේ ඡුායාරූප සහ ඔබ ආදරය කරන පුද්ගලයින්ගේ, සතුන්ගේ මෙන්ම ප‍්‍රියතම ආහාරපානවල bokeh තාක්ෂණයෙන් යුත් ඡුායාරූප ඔබට ලබා ගැනීමට හැකියාව ඇත.

Galaxy A03s Live Stickers සමඟින් ඔබේ ඡුායාරූප අලංකාරවත් කිරීමට සහ ඔබට අවශ්‍ය පරිදි එම ඡුායාරූප සකස් කිරීමට විවිධ ක‍්‍රම ඉදිරිපත් කරයි. 5MP ඉදිරිපස කැමරාව live focus, built-in filters හා විවිධ කැමරා මාදිලිවලින් සමන්විත වන නිසා ඔබට පැහැදිලි හා අනර්ඝ තත්වයේ සෙල්ෆි ඡුායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි.

”ශ‍්‍රී ලංකාවේ Galaxy පවුලට එකතු වන නවතම අංගය වන Galaxy A03s පුළුල් පරාසයක විහිදුණු අපගේ Galaxy smartphones නව්‍යකරණය හා විලාසිතා යන අංග මනාව මුසු කරමින් පාරිභෝගිකයා ආකර්ෂණය වන ආකාරයට අප මෙම නිෂ්පාදනය ඉදිරිපත් කර තිබෙනවා. මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය නිසැකවම සෑම කෙනෙකුගේම මන බඳින නිෂ්පාදනයක් වේවි.” මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන්ග් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

Galaxy A03s හි 20:9 aspect ratio සහිත විශාල අඟල් 6.5’’ HD+ Infinity-V Display එක නිසා සුපැහිදිලි තිරයක් සමඟින් අඛණ්ඩ නැරඹුම් අත්දැකීමක් ඔබ වෙත සමීප කරයි. එමගින් පරිශීලකයන් හට සුපැහැදිලි දසුන් නැරඹීමේ නවමු අත්දැකීමක් එක් කරනුයේ මග-තොට යන එන අතරතුදී ද ඔවුන් ප‍්‍රිය කරන විශේෂාංගයන් නැරඹීමේ පහසුවද අත්කර දෙමිනි.

කල් පවතින බැටරි බලයක් සහිත 5000mAh බැටරිය නිසා ඔබට කැමති දේවල් නරඹමින් බොහෝ කාලයක් ගත කළ හැකි බැවින් නිතර නිතර charge කිරීමට කරදර විය යුතු නැත.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට මෙම Galaxy A03s මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් සහ online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකි වනු ඇත.

Visits: 113