මහ බැංකු අධිපතිවරයා සහ බංග්ලාදේශ මහ කොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එමීඩ් අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ඊයේ මහ බැංකු පරිශ්‍රයේදී පැවැත්වී තිබේ.

කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔහු හමුවීම සඳහා පැමිණි පළමු විදෙස් රාජතාන්ත්‍රික නිලධාරියා වන්නේද ඒ මහතාය.

මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්දේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සහ බංග්ලාදේශ මහකොමසාරිස්වරයා අතර සාකච්ඡා කෙරුණු බව මහ බැංකුව පවසයි.

Visits: 52