කොවිඩ්-19 මර්ධනය සඳහා කොමර්ෂල් බැංකුවෙන් ආධාර හිමි වූ රෝහල් සංඛ්‍යාව 24 ක් වෙයි

කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල් වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන යටතේ රජයේ රෝහල් හතරක් සඳහා පසුගියදා වෛද්‍ය උපකරණ බැංකුව විසින් පරිත්‍යාග කරන ලද බව පවසයි.

මෙම වැඩසටහන යටතේ මේ දක්වා කොමර්ෂල් බැංකුව විසින් සමස්තයක් ලෙස රට පුරා විහිදුණු රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල 24 ක් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ පරිත්‍යාග කර තිබේ. 

බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් සිදුකළ මෙම නවතම පරිත්‍යාගයට Coagulation Analyser එකක්, Blood Gas & Electrolyte Analyser එකක්, Continuous Renal Replacement Therapy (CRRT) යන්ත‍්‍රයක්, ශ්වසනාධාර උපකරණ තුනක්, රෝහල් ඇඳන් 06 ක් සහ Multiparameter Monitor හතරක් ඇතුළත් වේ. මෙම පරිත්‍යාග බැංකුව විසින් පසුගියදා කයිට්ස් මූලික රෝහලට, රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට, යාපනය ශික්ෂණ රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරන ලදී.  

මෙම පරිත්‍යාග වලට අමතරව කොවිඞ්-19 වසංගත තත්ත්වයේදී මෙරට සෞඛ්‍ය සේවාවන්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජය විසින් පසුගිය වසරේදී ආරම්භ කළ ජාතික කොවිඞ්-19 සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණ අරමුදලට මුදල් පරිත්‍යාගයක්ද බැංකුව විසින් සිදු කළේය. වසංගතයටත් පෙර සිටම මෙරට සෞඛ්‍යය යටිතල පහසුකම් නැංවීමට කොමර්ෂල් බැංකුව කැපවී ක‍්‍රියාකළ අතර මේ දක්වා රජයට අයත් 50 කට අධික ළමා සහ මාතෘ රෝහල්වල යටිතල පහසුකම් සහ දැඩි සත්කාර උපකරණ නැංවීමට බැංකුව කටයුතු කර තිබේ.

Visits: 45