PEOTV සහ DP Education එක්ව ‘විදැස DP Education’ අධ්‍යාපනික නාලිකාව හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, DP Education ආයතනය සමග එක්වී ‘විදැස DP Education’ අධ්‍යාපනික නාලිකාව (නාලිකා අංක 215)SLTMobitel – PEOTV ඔස්සේ විකාශයකිරීමට කටයුතු යොදා තිබේ. මෙම නාලිකාවේ අරමුණ වන්නේ Rewind TVපහසුකම සමඟ 5 වසරේ සිට උසස් පෙළ දක්වා සිසු සිසුවියන්ට ඉහළ ගුණාත්මක භාවයකින් යුත් අධ්‍යාපනයක් ලබාදීම යි.

DP Education යනු නවීනතම තාක්ෂණය භාවිතා කරමින් මෙරට සිසු සිසුවියන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාදීමට කැපවී සිටින ආයතනයකි. එම ආයතනයSLTMobitel – PEOTVසමග එක්ව ඉදිරිපත් කරන ‘විදැස DP Education’ නාලිකාව, 5 වසර සිට උසස් පෙළ දක්වා සිසු සිසුවියන් ඉලක්ක කරගෙන SLTMobitel – PEOTV ඔස්සේ විකාශය කෙරෙන විශේෂ අධ්‍යාපන නාලිකාවක් වන අතර, ප්‍රවීණ ගුරුවරුන් පිරිසක් විසින් එහි අධ්‍යාපනික වැඩසටහන් මෙහෙයවනු ලබයි. රටේ පවතින කොවිඩ්-19 තත්ත්වය නිසා නිවෙස්වලට වී කාලය ගත කිරීමට සිදුවී ඇති දරුවන්ට ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබාගැනීමට මෙම නාලිකාව මහෝපකාරී වනු නිසැක ය.

“වසංගතය නිසා මතුව තිබෙන සෞඛ්‍යය ගැටලුව වගේම, දිගින් දිගටම දරුවන්ගේ ඉගෙනීම් කටයුතු අඩාල වීම නිසා මතුව තිබෙන ගැටලුවත් නිසා දෙමාපියන්ට දෙයාකාරයකින් පීඩා විඳීමට සිදුව තිබෙනවා. මේ තත්ත්වය හොඳින් තේරුම් අරගෙන  දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සෑම ශ්‍රේණියක් සඳහාම වෙන් වූ නාලිකා 6ක් සමඟින් අපි විදැස – ඩිජිටල් ඉස්කෝලේ හඳුන්වා දුන්නා. එහි නවතම පියවර වශයෙන් DP Education ආයතනය සමඟ එක්වී පාසල් දරුවන්ට වෙනස් ආකාරයේ නාලිකාවක් අපි ලබාදුන්නා. එයRewind TVපහසුකම සමඟ 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි යන ප්‍රධාන විෂයයන් සඳහා වෙන්වූ නාලිකාවක්. මෙම සුවිශේෂී අධ්‍යයන වේදිකාවන් එකට සම්බන්ධ කරමින් අපගේ දරුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදුකිරීම සඳහා ධම්මික පෙරේරා මහතා සහ ඔහුගේ DP Education කණ්ඩායම දක්වන සහායටත් අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා”, යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

SLTMobitel-PEOTV නාලිකා අංක 215 ඔස්සේ විකාශය වන ‘විදැස DP Education’ අධ්‍යාපනික නාලිකාව රටේ සිසු සිසුවියන් මිලියන ගණනකට යහපත සලසනු ඇත. දේශීය විෂය මාලාවන්ට අනුව සැකසුණු, උසස්ම ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රමිතියකින් යුත් වැඩසටහන් මෙහි සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාව වලින් විකාශය වන අතර,  PEOTV සහ PEOTVGOApp එක හරහා එම වැඩසටහන් නැරඹීමට අවස්ථාව හිමි වේ.

“මේ වනවිට DP Education ආයතනය සමග එක්ව සිටින සිසුන් ප්‍රමාණය ලක්‍ෂ 7ක් පමණ වෙනවා. ඒ අතරේ PEOTV සබඳතාවය වගේම, PEOTVGO App එක භාවිතා කරන ළමයි සිිටිනවා. මේ පසුබිම තුළ සමාජ සත්කාරයක් වශයෙන් DP Education මගින් පවත්වාගෙන යනු ලබන 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය විෂයන්ට අයත් සියලු පාඩම් නොමිලේ ඉගැන්වීම සඳහා, SLT-MOBITEL ආයතනයත් සමඟඅත්වැල් බැඳගැනීමට අපි තීරණය කළා. DP Education සමඟ එක්වී මෙවැනි සමාජ සත්කාරයක් තුළින් දුවා  දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීමට එකතු වීම ගැන මම SLT-MOBITEL සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මේ අවස්ථාවේ ස්තුතිය පුද කරනවා.අප ආයතන දෙකටම මෙම කාර්යයටවිශාල උනන්දුවක් තිබීම ගැනත් මම සතුටු වෙනවා.අපේ රටේ දුවා දරුවන්, මේ සියල්ල ප්‍රයෝජනයටගෙන  හොඳින් අධ්‍යාපන කටයුතු සිදු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.ලක්ෂ 15ක පමණ සිසුන් ප්‍රමාණයකට DP Education මගින් සේවා සැලසීම අපේ අරමුණයි. එම ඉලක්කය කරා  අපි යන ගමනටSLT-MOBITELසමඟ අත්වැල් බැඳගැනීම අපට විශාල ශක්තියක්”යැයි ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ DP Education පදනමේ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

‘විදැස DP Education’ අධ්‍යාපනික නාලිකාවRewind TV පහසුකම සහිත නාලිකාවක් වන නිසා, තමන්ට මගහැරුණු පාඩම් පැය 48ක කාලයක් තුළ නැවත නැරඹීමට දරුදැරියන්ට අවස්ථාව ලැබේ. PEOTV සම්බන්ධතාවක් නොමැති පාරිභෝගිකයෙකුට වුවද PEOTVGOApp එක භාවිතා කරමින්, ස්මාර්ට් දුරකථන, ටැබ්ලට් උපාංග හෝ පරිගණක ඔස්සේ මෙම නාලිකාව නැරඹිය හැකි අතර ඒ සඳහා DATA නොමිලේම ලබා දීමටත්  SLTMOBITEL ආයතනය කටයුතු කර තිබේ.

Visits: 129