මහ බැංකු අධිපති කබ්රාල් ආනයනකරුවන් සහ අපනයනකරුවන් හමුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද දිනයේදී මෙරට ආනයනකරුවන් සහ අපනයනකරුවන් සමගින් හමුවක් පැවැත් වූ බව පවසයි.

කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේදී මෙම හමුව සංවිධානය වී තිබේ.

මෙම ආනයන සහ අපනයන කටයුත්තේදී පවතින ගැටලු සම්බන්ධයෙන් එම පාර්ශ්වයන් සමගින් අදහස් හුවමාරු කරගැනීම මෙම හමුවේ අරමුණ වූ බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම ආනයන සහ අපනයන ව්‍යාපාරිකයන් හරහා රටෙහි ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ලබා දෙන දායකත්වය ඉතාමත් උද්‍යෝගිමත් බවක් ඇති කරවන්නක් බවත් ඔහු පවසා ඇත.

එසේම ඉදිරියේදීත් තමන් එම ව්‍යාපාරිකයන් සමගින් කටයුතු කිරීමට සූදානම් බවත් මහ බැංකු අධිපති කබ්රාල් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 169