‘CRIB එක ගැන හරියට දැනගෙන බිස්නස් කරමු’ – සාකච්ඡාව සැප්. 25දා නොමිලේ

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය මීළග මට්ටම වෙත උසවා තැබීම සඳහා ව්‍යවසායකයන්, වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක්ව පිහිටුවා ගන්නා ලද Ceylon Entrepreneurs Club මගින් සංවිධානය කරනු ලබන මීළග දැනුවත් කිරීමේ වැඩසටහන ලබන සැප්තැම්බර් 25 වැනිදා (සෙනසුරාදා) පස්වරු 6.30ට පැවැත්වෙන බව එම සංගමය සඳහන් කරයි.

‘CRIB එක ගැන හරියට දැනගෙන බිස්නස් කරමු’ යන මාතෘකාව යටතේ 2021 සැප්තැම්බර් 25 ප.ව. 6.30 සිට ප.ව.8.30 දක්වා මෙම වැඩසටහන පැවැත්වෙයි.

ඔබේ නමත් CRIB එකට වැටිලද?  Blacklist වෙලාද?  නම ඉවත් කරගන්න පුළුවන්ද? යනාදී ආකාරයේ CRIB එක ගැන තිබෙන අනෙකුත් ප්‍රශ්න මෙම වැඩසටහනේදී විවෘතව සාකච්ඡා කෙරෙන බව සංවිධායකයන් පවසයි.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ මෙහෙයුම් කළමනාකරු ඉන්දික දිසානායක,  ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂක/සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනී සහ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සහකාර සමාන්‍යාධිකාරී – මෙහෙයුම් සංජීවනී රත්නායක යන මහත්ම මහත්මීන් ලබා දෙන බවත් පවසයි.

YouTube Live මගින් සම්බන්ධ වීමට https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg

මෙම වැඩසටහන සඳහා Zoom මගින් සම්බන්ධ වීමට https://us02web.zoom.us/j/83430086792… වෙත පිවිසිය හැකිය. එහිදී Meeting ID: 834 3008 6792 සහ Passcode: 438115 යොදා ගනිමින් ඊට සම්බන්ධ වීමට හැකියාව ලැබේ.

මෙම වැඩසටහන සහ ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 0705022250 යන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන ලෙසද Ceylon Entrepreneurs Club ඉල්ලා සිටියි.

Views: 121