අගෝස්තු මාසයේදී උද්ධමනය 6.7%ක් වෙයි

2021 අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය 6.7%ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය 2021 ජූලි මාසයේදී වාර්තා වූ 6.8%ක උද්ධමනයට සාපේක්ෂව සුළු පහළ යාමකි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මෙම උද්ධමනය මනිනු ලබයි.

මෙහිදී අගෝස්තු මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස 0.36ක් ලෙස වාර්තා වී තිබේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු වී තිබේ.

ඒ අනුව අගෝස්තු මාසයේදී ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩය යටතේ සීනි, අර්තාපල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගිය අතර, සහල් පොල්තෙල් සහ පොල් මිල ගණන්හි පහළ යෑමක් සිදුව තිබේ. මීට අමතරව ප්‍රධාන වශයෙන් මධ්‍යසාර පාන වර්ග සහ දුම්කොළ (පුවක්) සෞඛ්‍ය (පෞද්ගලික රෝහල්/සාත්තු නිවාස ගාස්තු) යන උප කාණ්ඩවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක්ද මාසය තුළදී වාර්තා වී තිබේ.

Visits: 106